Chapter.25

142 28 14
                                    

.
.
.
.
.
.
.
.
.
.
තාමත් මේ දේවල් දිහා ඇස් පිල්ලමක් නොගහා බලන් ඉන්න මම හිටියේ ආව වේලේ ඉදන්ම එකම තැනක ගල් ගැහිලා වගේ අහස් මහත්තයා මොකුත් නොවුන ගානට වචනයක් වත් නොකියා එතනින් ගියා ගියාමයි තාමත් රූම් එකෙන් එලියට ආවේ නෑ...

දැන් ඉතින් මෙතන බලන් ඉදලා තේරුමක් නෑ කියලා හිතුන හින්දා මන් කිචන් එකට ගිහින් අහස් මහත්තයටයී මටයී බොන්න මොනවා හරී හදන්න බැලුවා.....



කලින් සැරේ මෙහේ එනකොට කෑම ටිකක් හදන්න වත් කිසිම දෙයක් තිබුනේ නෑ ඒ හින්දා මට ලොකු දෙයක් හදන්න උනෙත් නෑ නුඩ්ල්ස් එකක් තමයී මහත්තයටත් හදලා දුන්නේ....ඒත් අද නම් කිචන් ඒක පිරෙන්න බඩු තිබුනා වගේම ෆිජ් එකෙත් ඕනවට වැඩිය බඩු ගොඩ ගහලා තිබුනා..

ඔව් ඉතින් ඒයාට කන්න බොන්න බඩු ගෙන්න එපැයි...පුදුමයී මේ මනුස්සයට කන්න බොන්න හිතුනා...

මන් දොඩම් ගෙඩි දෙක තුනක් අරන් බොන්න බීම එකක් හැදුවා ඔය කඩේ තියෙන බීම පාරාදයී ගෙදරම හදාගන්න ඒවා මාරම රසයි..අම්මා හදන දිහා බලන් ඉදලම මට දෙයීයනේ කියලා මේවගේ දේවල් හදන්න පුලුවන් වේලා තිබුනා.........හදාගත්තු බීම දෙකත් අරන් මන් එකක් මහත්තයට දෙන්න කියලා ආවා...මේ යකා එක්ක ඉන්න වේලාවකට බයත් හිතෙනවා...ඇයී අනේ ගියා ගියාමයී මේකා නෑනේ අධිර මහත්තයත් එකයී මේ ඩෑල් එකත් එකයී...මුන් දෙන්නා එක්ක වසලා මට පිස්සු හැදෙනවා එක්කෝ හාට් එක ගහලා යනවා.....

එක එක ඒවා හිත හිත මන් ඉස්සරහට ආවේ අහස් මහත්තයා හොයාගෙන උනත් එක පාරටම......මුලූ ගේම කලුවර වේලා ගියා........
මන් හිතන්නේ කරන්ට් එක ගියා වෙන්න ඇතී....දැන් හරී මෙච්චරයී අඩුවකට තිබුනේ....එකත් හරි දැන්...දැන් ඉතින් මේ කලුවරේ අත ගාගෙන තමයී අර වසවර්තියාව හොයාගන්න වේන්නේ.....

"මහ...ත්තයා....ඉන්නවද???.නිකන් හොල්මන් කරන් නැතුව එනවද....ආවේ නැත්නම් මන් යනවා ඇත්තමයී....

මේ මහ දවල් වේලාවෙත් මේ ගේ අස්සේ මෙච්චර කලුවර උනේ කොහොමද ආ.....මේක භූත බංගලාවක්ද ...ඇත්තමයි මේ මනුස්සයා නම් මේ ගේ ඇතුලේ කොහොම ජිවත් වෙනවද මන්දා.....

*අහස්*(Yizhan)Where stories live. Discover now