Chapter.17 💭📖️

195 36 14
                                    

චුටි පුතා මේහේ එන්න උදේට කෑම කාලත් නෑ..මේ ළමයට මොනවා වේලාද මන්දා.... ඔහොම හිටියොත් නම් ලොකු දවසක් යන්න කලිජ් ලෙඩක් හදාගෙන තමයී නවතිනේ....

අම්මා කුස්සියේ ඉදන් කියන දේවලුත් අහගෙන මන් ඇහුනේ නැතී ගානට කාමරේට වේලා හිටියා...

.සතියක්..!!!

දැන් හරියටම සතියක් මන් මහත්තයලගේ ගෙදර ගියේ නෑ ගියපු පලවේනී දවසේම උන දේවල් එක්ක මට ආයේ එහෙට යන්න හිත හදාගන්න බැරී උනා...ඉස්කෝලෙත්   නිවාඩූ දීලා තිබුන හින්දා  ගෙදරටම වේලා හිටියා ඇරෙන්න මේ ටිකේ මන්  ආදීව වත් හම්බ වෙන්න ගියේ නෑ....

අප්පච්චිටත් දැන් දැන් ටිකක්  හොදයී.... සුදෙශ් අයීයත් අප්පච්චි ලගම ඉදලා පහුගිය ටිකේ අප්පච්චිව බලාගත්තු හින්දා  දැන් අපීට නිදහසේ හුස්මක් අරන් ඉන්න පුලුවන් තරමට අප්පච්චිගේ  වෙනසක් තිබුනා...

"චුටී පුතා මන් මේ අහන්නමයී හිටියේ දැන් ටික දවසක් ඉදන්    ඔයා හරී අමුතුයී පුතේ.......මොකක් හරී ප්‍රශ්නයක් නම් අම්මට කියන්න  හිතේ හිරකරන් හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනේ මැනික.."

අම්මා කෝෆී එහෙකුත් හදාගෙන ඇවිත් මගේ ඇද ලගම මේසෙන් තියලා මගේ ලගින්ම ඇදේ වාඩී වේලා ඔලුව අතගාන ගමන් එහෙම කියද්දී මන් නැගිටලා අම්මගේ උකුලේ ඔලුව තියාගත්තා.."

"අම්මා ....මන් අම්මගේන් දෙයක් අහන්නද..?"

"මොකක්ද මැනික..."

"අපී හිතන තරම් හැම මනුස්සයම හොද නෑ නේද අම්මා....නැ මන් කියන්නේ අපී   කව්රු හරී මනුස්සයෙක්  දැක්කම ඒ මනුස්සයා ගැන එක එක දේවල් හිතින් හිතනවනේ...ඒ මනුස්සයා හොද කෙනෙක් වගේ....හොද ගතිගුණ තියෙන කෙනෙක් වගේ.....ඒයා ගොඩක් ලස්සනයී,නපුරු පාටක් පෙන්නම නෑ.... ඔය වගේ එක එක දේවල්.., සමහර මිනිස්සුන්ව හරියට අදුරගන්නත් කලින්ම අපී හිතින් ඒ මනුස්සයා අරම ඇතී මෙහෙම ඇතී කියලා හිතින්ම හිතාගෙන ලොකු දුරක් යනවනේ.... ඒ උනාට අපී හිතනවට වැඩිය ඒ මනුස්සයා ඇතුලෙන් නරක කෙනෙක් උනොත්...ඒ වගේ වේලාවට අර මනුස්සයා ගැන හොදම හිතාගෙම හිටපූ කෙනාට මොන වගේ හැගීමක් ඇතිවෙයීද අම්මා.."

*අහස්*(Yizhan)Where stories live. Discover now