CHAPTER 39

270 25 11
                                    

රාත්‍රිය උදා වෙලා. දිව්‍යමය සත් මහල් ප්‍රාසාදය සතුටින් පිරිලා. සත් දිනක් මුලුල්ලේ ම ජන්කුක් ට බියෙන් සිටි සේවකයන් පවා සතුට ට පත් වෙලා. ඔවුන් තමන්ගෙ හාම්පුතුන්ගේ වෙනුවෙන් ඉතාමත් රසවත් රාත්‍රි ආහාර මේසයක් සූදානම් කරලා.



" ම්ම්ම්...  හරිම සුවඳවත්.."

ජිමින් කීවෙ සුවඳ තවමත් වහනය වෙන  රෝස තේ බඳුන ට නහය ලං කරගෙන. ඔහු විතරක් නෙවෙයි, හැම දෙනෙක්ම කෑම මේසයේ තමන් ආශාවෙන් ම රස බලන කැවිලි වර්ගය දිහා උවමනාවෙන් බලන්න වුණේ ඒවා ඒ තරම් ම ප්‍රනීත අයුරින් දිස් වුණ නිසා.




" ඇයි ඉතින් තවත් බලාගෙන ඉන්නේ.. කන්න.."

ජන්කුක් ගේ සියුම් ඒත් ආදරණීය කටහඬ දොරටුව ගාවින් ඇහෙනකොට ඔහුගෙ මුහුණ දෙස හැමෝම බලන්න වුණා. සඳ රැස් වැටෙන රැයේ සඳ කිරණ ට නැහැවුණු ඔහු අබතෙල් පහන් ආලෝකයෙන් දිස් වුණේ හඳෙන් බිමට ගොඩබට සඳ සාවෙක් වගේ.




" කූකී....."

යුන්ගී දුවගෙන ගිහින් ජන්කුක් ගෙ ඇඟේ එල්ලෙද්දි ජන්කුක් හරිම පරිස්සමට තමන්ගෙ ආදරණීය සුරතල් යුන්ගි ව බදා ගත්තා.

"කියන්න යූනි..."

ජන්කුක් ආදරෙන් අහනකොට නම් යුන්ගි ට තමන්ගෙ කඳුළු වාවගන්න පුළුවන් වුණේ නැහැ. තමන්ගෙ ඇඳුම තෙමාගෙන සද්දයක් නැතිව ගලන කඳුළු බිංදු වලට ජන්කුක් ඔහේ යන්න ඇරලා යුන්ගි ගේ කොණ්ඩෙ අතගෑවෙ හරිම ආදරෙන්.





" අනේ... ඒක ආයෙමත් කියන්න...."

යුන්ගි හුරතල් මූණක් හදාගෙන ජන්කුක් ගෙන් අහනකොට කෑම මේසෙට වාඩි වෙලා හිටපු අනිත් පස් දෙනා බැලුවෙ මේ හුරතලේ දිහා.

" මොකක්ද..?"

ජන්කුක් තේරුණේ නෑ වගේ අහද්දි යුන්ගි මූණ තවත් ටිකක් හුරතල් තාලෙට හදා ගත්තෙ තමන්ගේ ආශාව විහිලුවට ගන්න එපා කියලා කියන්න වගේ.

" ආයෙත් පාරක් මට එහෙම කතා කරන්න කියලා මම කිව්වෙ."

යුන්ගි කියනකොට ජන්කුක් කතා කළා.

" යූනී...."








ජන්කුක් ගෙ කටහඬ ට දැන් නම් වශී වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මොකද කිව්වොත් ජන්කුක් ට ඕන නම් එයාට ඒ හැකියාව ත් තියෙනවා.. කාව වුණත් තමන්ගෙ අණට යටත් වෙන්න වශී කර ගන්න.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now