CHAPTER 10

132 25 5
                                    

" ජිනා ට අද මේ මොකක්ද වෙලා තියෙන්නේ...?"

හෝසොක් තමන්ට ම කියා ගත්තෙ තමන්ගෙ පොත් බෑග් එක ඇඳ උඩින් දමලා ගහලා බාත්රූම් එකට රිංග ගන්න කලින්.

ජිමින් තමන්ගෙ පොත් බෑග් එක ගානට රැක් එකේ එල්ලලා පොත් ටිකත් එලියට අරගෙන මේසෙ උඩින් අහුර ගත්තේ, සොක්ජින් කාමරේට එබිලා බැලුවොත් රෑටත් කන්න හම්බ නවෙන එකක් නැති බව හොඳට ම තේරිලා.

යුන්ගි පොත් බෑග් එක කාමරේ කොහෙද මන්දා මුල්ලකට දාද්දි ටේහ්‍යුන්ග් කෙලින්ම පොත් බෑග් එක තමන්ගේ පොත් මේසේ උඩට අතහැරියා. පොත් මේසෙට තියලා තියෙන පුටුව උඩින් තමන්ගේ බෑග් එක තියපු නම්ජුන් ත් වොෂ් එකක් දාගන්න ගියා.















ඒ අතර සොක්ජින් ජන්කුක් ගෙ කාමරේ දොරට තට්ටු කළා. මොහොතක් යන්න කළින් ජන්කුක් ගෙ කාමරේ දොර ඇරෙද්දි ලස්සන හිනාවක් එක්කම ජන්කුක් ඔලුව එළියට දැම්මා.

" ඔව්..   කියන්න මයි ලව්..."

ජන්කුක් සොක්ජින් ට කියද්දි සොක්ජින් හිනා වුණා.

" කෑම.. ලෑස්තියි. කන්න එන්න.."




සොක්ජින් කියද්දි ජන්කුක් කාමරෙන් එළියට ආවා. සොක්ජින් එක්ක ම ඩයිනින් රූම් එකට ඇවිදගෙන ගිය ජන්කුක් බලාපොරොත්තු වුණේ මී ගව රංචුව වගේ අනිත් කෙනාට පොඩ්ඩක් වත් ඉඩක් නොදී තනියම කන්න පොරකන කොල්ලො පස් දෙනෙක්.

" එයාලා තාම ආවේ නැත්ද....? "

ජන්කුක් අහනකොට සොක්ජින් ට තමන් කරපු වීරකම මතක් වෙලා හිනහත් යන්න ආවා.

" මේකයි... මම කිව්වා පොත් බෑග් තියලා වොෂ් එකක් දාගෙන වරෙල්ලා කියලා...."

සොක්ජින් කියද්දි ජන්කුක් හිනා වුණා. ජන්කුක් කවදාවත් හිතුවේ නැහැ මතකය ආවට පස්සෙත් සොක්ජින් පිස්සු නටන එක නවත්තයි කියලා. ඒත් ඒක එහෙම වීගෙන එනවා කියන්න දැන් වුණ දේ සාක්ෂියක්.

ජන්කුක් ට කෑම මේසෙට වාඩි වෙන්න පුටුවත් පස්සට කරපු සොක්ජින් ජන්කුක් වාඩි වුණහම එයාට තමන් හදපු චිකන් නූඩ්ල්ස් සුප් වගේම තම්බපු නෙලුම් අල යි ඇටයි ත් පිළිවෙලකට බෙදලා දෙනකොට ජන්කුක් කෑම කන්න හැන්ද අතට ගත්තා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now