CHAPTER 21

115 25 6
                                    

මල් වලින් පිරුණු ගව්ව මැදින් ගිය හැමෝටම මේක මනරම් තැනක් ය, ගිමන් හරින්න හොඳ තැනක් ය කියලා හිතුණා වුණත්, සොක්ජින් නිතරම හැම කෙනෙක් ට ම මතක් කළා....

මේ විශකුරු අඩවිය බව.. විශකුරු අඩවියේ සිදුවන විශකුරු දේවල් වලට කිසිම සම්බන්ධයක් තියා ගන්න එක හොඳ නැහැ වගේම මේ තැන්වල රැඳිලා ඉන්න එක ගොඩක් හොඳ දෙයක් නෙවෙයි කියන එක වගේම, ජන්කුක් ට මොකවත් වෙන්න නොදෙන්න නම් එයාලා ඉක්මන් කරන්න ඕන කියන එකත් සොක්ජින් තීරණය කළා.


විශකුරු අඩවියේ දෙවන සහ තුන්වන ගව් දෙක වෙන් කරන සීමාව ගාවටම ඔවුන් ඇවිත් හිටියා. පහුගිය ගවුවේ දී මල් වලින් කාටවත්ම හානියක් සිද්ධ වුණේ නැති එක ගැන මේ විෂකුරු අඩවිය තරණය කරන කණ්ඩායමට නායකත්වය දුන්න සොක්ජින් ට සතුටක් ගෙනාවා වුණත් විෂකුරු අඩවියේ ඊළඟ පියවර මොන වගේ දෙයක් වේවිද කියලා ඔහුට කිසිම අදහසක් තිබුණෙ නෑ. මේ වෙද්දි අනිත් හැම දෙනාටම ගව් දෙකක් දුර නැවතීම කින් හෝ විරාමයක් ගැනීමෙන් තොරව එන්න සිද්ධ වෙච්ච නිසා එයාලා හිටියේ බොහොම වෙහෙසට පත් වෙලා වගේම බොහොම බඩගින්නේ.

ගව් දෙක වෙන් කරන සීමාවෙදි එයාලා වෙනුවෙන් කෑමට ගන්න උවමනා වුණොත් කියලා හිතාගෙන තමන් පැක් කරල තිබ්බ ලොකු සැන්විච් බාස්කට් එක අතට ගත්ත ටේහ්‍යුන්ග් ඒක එකිනෙකා අතර බෙදලා දුන්නෙ එයාලට කෑම කන්න නතර වෙන්න තරම් වෙලාවක් ඇත්තටම නැති හින්දා.

තමන්ගේ අතට හම්බවුනු සැන්විච් දෙකත් එක්ක වතුර බෝතලය මේ වෙද්දි බඩ ගින්නේ හිටපු හැම කෙනෙක්ටම නිධානයක් තරම් වටිනවා.

"බොහොම ස්තූතියි"

කියන ගමන් තමන්ගෙ සැන්විච් එකෙන් ලොකු කෑල්ලක් හපලා කාපු ජිමින් ගෙ පිරුණු කම්මුල් දෙක දැක්කහම ඕන කෙනෙක් ට කියන්න පුළුවන් වුණා.. එයාගේ බඩගින්නෙ තරම.

" තැන්ක් යූ ටේහ්‍යුන්ග් හ්‍යුන්ග්"

යුන්ගි හරිම වැදගත් විදියට ටේහ්‍යුන්ග් දීපු සැන්විච් දෙක අතට අරගත්තෙ ඒ දෙක ඉක්මනින් ම ගිලලා දාන්න. ඒත් එයා දැක්ක දේ හරි නම් එයාට.... අතේ තිබුණ සැන්විච් එක තව ඩිංගෙන් බිමට අතහැරෙනවා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now