CHAPTER 2

177 26 3
                                    

" ඒයි... මම අර ෆ්‍රිජ් එකට දාලා තියපු ඇවකාඩෝ ටික කොහේද බන්...?"

සොක්ජින් අහද්දි ටේහ්‍යුන්ග් තමන්ගෙ මූණ සරල රේඛාවක් වගේ හදා ගත්තත් යුන්ගි සොක්ජින් දිහා බැලුවා.

" ජිමින් ගෙ මූණේ..."

යුන්ගි ගානකට නැතිව කියද්දි සොක්ජින් ගේ කන් දෙකේ ඉඳන් කේන්තියට රතු වෙන්න පටන් ගත්තා.

සොක්ජින් ගේ අලිපේර ගෙඩි ටික පොඩි කරලා ජිමින් තමන්ගෙ මූණේ ගාලා, පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් දෙකේ තියාගෙන සෝෆා එක උඩ ඇලවෙලා ඉන්න හැටි දැක්කම සොක්ජින් අතේ තිබ්බ ප්ලාස්ටික් හැන්ද ජිමින් දිහෑට වීසි කළා.

ඇවිත් තමන්ගේ නහයෙ වැදුනු හැන්ද නිසා ජිමින් අකුණක් ගැහුවා වගේ කෙලින් වෙද්දී ජිමින් ඒ හැන්ද තමන්ගේ අත හැරුණු දිහාවට විසි කළත් ඒක ගිහින් යුන්ගි ගේ ගිටාර් එකේ පැටලුණු පාරට ගිටාර් එකේ තතකුත් කැඩුනා.

" තොට අමු කැවිලද...? මම මොකවත් කළේ නැහැනේ. ඕන නම් උඹට හැන්දෙන් ගහපු සොක්ජින් ට ගහපන්.

පැත්තක හිටපු මගේ ගිටාර් එකේ මේකට කිසිම සම්බන්ධයක් නැහැනේ..."

යුන්ගි කේන්තියෙන් ජිමින් ගේ මූණට කඩන් පනිද්දි ජිමින් ගේ පිපිඤ්ඤා පෙති තියලා තිබුණ පීරිසියට යුන්ගි ගේ අතේ වැදිලා ගිහින් හැලුනේ ඒ ළඟම මේසෙට වෙලා ඩොකියුමන්ට් එකක් බල බල හිටපු නම්ජුන් ගේ ඩොකියුමන්ට් එකේ පේපර්ස් උඩට.


" නවත්තපියව්. තොපිට රණ්ඩු වෙන්න ඕන නම් තොපි තොපේ පාඩුවේ රණ්ඩු කර ගනිව්... හහ්.... යකෝ පැත්තක ඉන්න උන් මේවට පළි නෑනේ.

සොක්ජින් බොට ජිමින් එක්ක රණ්ඩු වෙන්න නම් ඕන ජිමින් එක්ක විතරක් රණ්ඩු වෙයන්... මොනවට ද මේ පැත්තක හිටපු මගේ ඩොකියුමන්ට් එකට පිපිඤ්ඤා හලන්නේ... "

නම්ජුන් ත් එහෙම කියාගෙන තුන් දෙනාගේ මහා සංග්‍රාමය ට ගිහින් ඒකෙ හතර වෙනියා වෙද්දි නම්ජුන් ගේ ඩොකියුමන්ට් එකට වැටුණු පිපිඤ්ඤා දීසියෙන්, කඩදාසිය උඩට වැටුණු නැති, තාමත් පීරිසිය උඩම තිබුණ පිපිඤ්ඤා පෙති කීපයක් අතට අරන් හපන ගමන් හෝසොක් ගියේ ටේහ්‍යුන්ග් දිහාවට.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now