CHAPTER 20

108 24 12
                                    

▪️DOUBLE UPDATE ▪️
_______________________

ජන්කුක් හිටියේ තමන්ගේ යාගය ට වාඩි වෙලා. යාගය කරන මැදදි එතනින් නැගිටින එක හොඳ නැති වුණත්.... ජන්කුක් ට ජන්කුක් ඉල්ලලා තිබුණ දුම්මල තවමත් හම්බ නොවුණ නිසා ජන්කුක් හිටියේ යාගය දිගට ඇදගෙන යන ගමන්.

දුම්මල අරගෙන කායි එනකම් බලාගෙන හිටියත් ජන්කුක් ට කේන්ති ගිහින්. ජන්කුක් තමන් දුම්මල අරගෙන එනකම් තවමත් බලන් ඉන්න බව මතක් වුණ කායි ඉක්මනින් ම කතා කළේ සොක්ජින් ට.

"කමා කරන්න.. මට ඉදිරියේදි ඔබලාත් සමග පැමිණෙන්න විදිහක් ඇත්තෙ නැහැ...

නමුත් බලාපොරොත්තු වෙනවා මෙතැන් පටන් ගව් අටක් දුර විශකුරු අඩවිය ගෙවා යන්න ඔබලා සැමදෙනට හැකි වේවි කියලා."

සොක්ජින් ට ආචාර කරන ගමන් ම එතැනින් අතුරුදහන් වුණ කායි මතු වුණේ වනගත මන්දිරයේ ජන්කුක් ගාවින්. කායි අත තමන් බලාපොරොත්තු වුණ දුම්මල බන්දේසිය දැක්ක ගමන් ජන්කුක් ගෙ මුහුණට පොඩි සහනයක සේයාවක් ආවා.

" උ.. උතුමාණනි... මේ.. දුම්මල.... "

කායි ගෙ හඬ තමන් ඉස්සරහ වෙව්ලද්දි ජන්කුක් හරිම අමුතු විදිහෙ හිනාවක් එක්ක දුම්මල බන්දේසිය අතට ගත්තා.

" එක දෙයක් කියපං කායි....   තෝ කොහෙද මෙච්චර වෙලා මකබෑවුණේ මේ දුම්මල හොයන්න...?"

ජන්කුක් කවදාවත් නැති තාලෙට රළු වචන වලින් කායි ට කතා කරද්දි වසර ගණනාවක් තිස්සේ ජන්කුක් වෙනුවෙන් ම මේ මන්දිරයේ සේවය කරලත් එකම දවසක වත් ජන්කුක් ගෙන් බැනුමක් අහපු නැති කායි ට දුක හිතුනා.


" මට යාගයෙන් නැගිටින්න බැරි එක නිසා උඹ බේරුණා කියලා හිතා ගනින්."

කායි දිහාට රවලා බලපු ජන්කුක් කියද්දි කායි බිම බලාගෙන ම එතනින් ඉවතට ගියේ ජන්කුක් තමන්ගෙ වචන වලට කායි ගැස්සුනු එකේ සතුටට හිනා වෙද්දි

දුම්මල ටිකක් හෝම ගින්න ට එකතු කරන ගමන් ජන්කුක් ආයෙමත් මතුරන්න පටන් ගත්තා. සාක්කු පිහියට කැපුණු තුන්වෙනි කැපුම් තුවාලයෙන් ලේ ගලාගෙන යද්දි ජන්කුක් ගෙ මූණේ වියරු හිනාවක් පැතිරුණා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now