CHAPTER 33

126 24 2
                                    

මේ සඳහා සිදු කළ හැකි එකම උපාය වන්නේ.....

සිදු කරන ලද යාගය අනෙක් පසට සිදු කිරීම වන අතර එහිදී රාජකීය පළමු මට්ටමේ මායාධාරියා ගේ සහකරුවන් හට තම රුධිරයෙන් ම සිය ස්වාමියා ව පිළිගන්නා බව දිව්රමින් ගින්නට තම රුධිරය එකතු කරමින් යාගය සිදු කළ හැකි බව සඳහන් කළ යුතුය.

ඒසේම මෙම යාගය මගින් ඇතිවන්නා වූ ප්‍රතිඵල බොහෝ දුරට එතරම් කල් නොපවතින බවත්.. ඒ ප්‍රතිඵල සදාකාලික වීමට හෝ ඒවා දිගුකල් පැවතීම ට යාගයේ දී බිල්ලක් ලෙස නර බිල්ලක් ඉදිරිපත් කළ යුතු බව මෙන්ම එම නර බිල්ල තමා ගේ ම කැමැත්තෙන් යාගයේ දී ප්‍රාණය පිදිය යුතු බවත්, නර බිල්ල යාගය ගැන නොදැනුවත් ව මරණයට පත් වීම හෝ අකමැත්තෙන් මරණයට පත් වීම නොවිය යුතුය.

මේ සියල්ල නිසි පරිදි අමාවක චන්ද්‍රයා උදා වීමට පෙර සිදු විය යුතු අතර... යාගය සිදු කිරීමට ප්‍රමාද වන දිනයක් පාසා රාජකීය පළමු මට්ටමේ මායාධාරියා ගේ විකෘති ආශාවන්, හැඟීම් ඉහල යා හැකි නිසා, ඒවා දුරු කිරීම ට නම් යාගය හැකි ඉක්මනින් ම කෙම්මුර දිනයකදී යාගය සිදු කිරීම මැනවි. "

යුන්ගි ට තමන් හොයාගෙන එන විස්තර ටික හම්බ වුණාට පස්සේ හීන් දාඩිය දැම්මා. ජන්කුක් තවමත් තමන් ව හම්බ වෙන්න ආවෙ නැති හින්දා එයා ව හොයාගන ගියත් ජිමින් ගේ කාමරේ ඇඳ උඩ ජන්කුක් නිදි කියලා දැක්කහම ඒ නින්ද නොකඩා හෝසොක් කායි ගෙන් අහල දැනගත්තෙ යුන්ගි කොහෙද කියලා.

" යුන්ගියා..... පූස්...."

හෝසොක් ඇතුලට එන ගමන් අහනකොට යුන්ගි ගැස්සිලා ගියා. තමන්ගේ ඇස් වල තියෙන කඳුළු එක්ක පොත පැත්තට අත දික් කරන කොට හෝසොක් ත් ඇවිත් දඩි බිඩිය ට පොත කියවලා බැලුවා.

" මේකෙ හැටියට,

පළවෙනි කාරණය..
අපි කරන්න ඕන යාගය අනිත් පැත්තට.

දෙවනි කාරණය...
ලේ වලින් ම දිව්රන්න ඕන..

තුන්වන කාරණය.
බි.. ල්ලක් දෙන්න ඕන

හතරවන කාරණය..
බිල්ල බිල්ලගෙ කැමැත්තෙන් ම මැරෙන්න ඉදිරිපත් වෙන්න ඕන..

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now