CHAPTER 6

139 30 8
                                    

" ඊරිසියාව....? අපි මොකට ඒකට ඊරිසියා කරනවද... නේද බන්..?"

ජන්කුක් තමන්ට දීලා තිබුණු පහළ තට්ටුවේ පුංචි රුම් එක ඇතුලට යද්දි යුන්ගී ගානකට වත් නැතුව නම්ජුන් ගෙන් ඇහුවේ එයා ට ජන්කුක් ඉස්සරහ සෙකන්ඩ් වෙන්න ඕන නැති වුණ නිසා.

" ඒක තමයි බන්.. අරූ ට පිස්සුද කොහෙද.

ඒත් මම මේ අහන්නමයි හිටියේ අපි මේකව බඳින්නේ නෑ කියලා මේ තරම් තද ඩිසිෂන් එකක ඉන්නෙ.

ඒත් කොහොමද මේ සොක්ජින් නිකං ජන්කුක් එක්ක පැටලෙන්න ගියේ, හරියට ගැණියි මිනිහයි වගේ..."

නම්ජුන් කියද්දි ජිමිනුත් ඒකට ඔලුව වනන ගමන් බැලුවේ ටේහ්‍යුන්ග් දිහා. මොකද ටේහ්‍යුන්ග් ත් ඒ වගේම ජන්කුක් එක්ක වාද කරපු නිසා ජිමින් ට පොඩි සැකයක් නැත්තෙමත් නැහැ, ටේහ්‍යුන්ග් හොරෙන් හොරෙන් හරි ජන්කුක් ට ලව් ද කියලා.

" කොහොම වුණත් අපි හැමෝම අම්බානෙට චාටර් වුණා... ඒ යකා අපිට කියන්න පුළුවන් හොඳම වචනෙන් හින්ට් ගැහුවා..."

මෙච්චර වෙලා සද්ද නැතිව හිටපු හෝසොක් කියද්දි නම් හැමෝම හැරුණෙ හෝසොක් ගේ දිහාට.

" දැන් උඹලා ඔක්කොම මේ මගේ දිහා ට හැරුණේ මොකද...?

මට ඒක අල්ලන්නෙ නැහැ.. "

හෝසොක් තමන්ගෙ දිහාට අනතුරක් වෙන්න පුළුවන් වගේ ආරක්ෂාව පිණිස සෝෆා එකේ තිබුන කොට්ටෙ අතට ගත්තේ, පස් දෙනෙක්ට විරුද්ධව එක් කෙනෙක් විදිහට සටන ගියොත් තමන්ට කීතු කීතු වෙලා තමයි නතර වෙන්න වෙන්නෙ කියලා දන්න නිසා.

" තෝ නේ යකෝ කිව්වෙ... අරූට කෝල් එකක් ය... ලස්සන කෙල්ලෙක් ගෙන් ය... අවධානයෙන් බලපම් ය... කියලා."

ජිමින් තමන්ගෙ ශර්ට් අත උඩට කර ගන්න ගමන් කියද්දි, හෝසොක් සෝෆා එකේ කොට්ටෙ පැත්තකට දාලා දුවන්න ගත්තා.

" මාව බේර ගනියෝ...."

හෝසොක් ගෙ සද්දෙට තමන් හිටපු කාමරේ දොර ඇරගෙන ජන්කුක් සාලෙට ආවෙ කාටද උදව් ඕන කියලා බලන්න.

ඒත් පිටිපස්ස බල බල ඉස්සරහට දුවගෙන ගිය හෝසොක් දැක්කේ නැහැ තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ජන්කුක් ව. අනිත් පස්දෙනාගෙන් බේරෙන්න කියලා හිතාගෙන දුවපු හෝසොක් අන්තිමට නතර වුණේ ජන්කුක් ගේ ඇඟේ හැපිලා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now