CHAPTER 17

140 24 25
                                    

ජන්කුක් ගෙ වොයිස් ටේප් එක අහගෙන ඉන්න සීන් ට පුළුවන් වුණේ නැහැ. මායාවන් උපන් යක්ෂ ලොවේ අඳුරු වනය මැද තිබෙන මන්දිරයේ තවදුරටත් දිව්‍යමය සුන්දරත්වයක් තිබුණේ නැහැ. මොකද දේදුනු වර්ණ හතෙන් නිරූපණය වෙන ජන්කුක් ගේ සහ ඔහුගේ ආදරණීයයන් හය දෙනාගේ බැඳීම වෙනස් වන්නේ එකම විදිහකින් විතරයි.

දේදුන්නෙන් දම් පැහැය උදුරා ගැනීම....

සීන් ට මේ කාරණය මතක් වෙන්න ගොඩක් වෙලා ගියෙ නෑ..

" යිබෝ..

ජන්කුක් අඳුරු වනයට ගිහින්..

එයා දේදුන්නෙන් දම් පාට අයින් කරන්න හදන්නේ... එහෙම වුණොත්.. එහෙම වුණොත්.! ජන්කුක් හැමදාට ම තනියම ජීවත් වෙන නපුරෙක් වෙයි.

කාටවත් ඒයාව නවත්තන්න බැරි වෙයි."

සීන් කියන දේ යිබෝ ට වගේ ම නම්ජුන් ත් සොක්ජින් ට ත් ගෙනාවෙ දුකක්. එයාලා හොඳට ම දන්නවා දේදුන්න සමබරතාවය කියාපානවා කියලා.. දේදුන්නෙන් දම් පාට අයින් කළොත්...

දේදුන්න වැඩකට නැතිව යනවා.. ඒකෙ තේරුම තමයි දෘෂ්‍ය ආලෝකයෙන් දම් පාට නැති වුණහම ලෝකයේ බොහෝ දේවල් වල වෙනස්‌කම් ඇති වෙන්න පුළුවන් වීම.

" මේ අහන්න.. ඔයාලගෙ පුතා නැත්තම්, ඔයාලා ගිහින් එයාව ඉන්න තැනකින් හොයා ගන්න..

ඔය කියන අඳුරු කැළෑ වල පඳුරු තලන්න මට නම් යන්න එන්න කිසිම උවමනාවක් නැහැ."

යුන්ගි එහෙම කියලා හැරිලා යන්න හැදුවේ තමන්ගෙ කාමරේ තියෙන උඩ තට්ටුව ට.

ඒත් මේ පාර යුන්ගි ව නවත්තන්න කතා කළේ නම්ජුන් වත් සොක්ජින් වත් නෙවෙයි.

" නවතිනු මින් යුන්ගී.. මේක දෙවියන්ගෙ අණ.. "

යුන්ගි ට හිනා ගියා. මේ කාලෙ දෙවියන්ගෙ අණ...? ඒක නම් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. වෙන්න බැරි දෙයක්... කියලා හිතාගෙන යුන්ගී අනිත් පැත්ත හැරෙද්දි මෙතරම් වෙලා කෝට් සුට් එකකින් ලෑස්ති වෙලා හිටිය යිබෝ දිලිසෙන සුදු පාට හන්ෆු එකක් ඇඳගෙන තමන් ඉස්සරහ කේන්තියෙන් ඉන්න හැටි දකින කොට නම්, යුන්ගි ට හික් ගෑවුණා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now