CHAPTER 27

125 28 2
                                    

"ජිමින්...."

ජන්කුක් ජිමින් ගේ නම කියන වාරයක් වාරයක් පාසා ජිමින් ගැස්සිලා යනවා. ජන්කුක් කතා කරන්නේ මොකටද කියලා හරියට ම නොදන්න නිසා, ජිමින් බයයි.. ඒත් ජිමින් හරිම ඉක්මනට ජන්කුක් ට උත්තර දෙන්න හැම පාරම උත්සාහ කළා.

" එහෙමයි.."

බිම ඉඳගෙන ඉන්න ජිමින් ගාවට තමන්ගේ අතේ තිබුණ සුප් භාජනය දික් කරද්දි ජිමින් පුදුම වුණේ ජන්කුක් එහෙම කරන්නේ මොකද කියලා දන්නෙ නැති නිසා.

" ජිමින් මේක ගන්න.. අරගෙන බඩගින්නේ ඉන්නෙ නැතිව මේක බොන්න. මට බඩ ඉරිඟු කරල් දෙක හොඳට ම ඇති...

අනිත් කාරණය ජිමින් ට මම උයන්න කියපු පළියට ජිමින් කොහොමද හිතුවේ මම ජිමින් ට කුස්සියේ නිදාගන්න කිව්වා කියලා. උයනවා කියන එකයි නිදාගන්නවා කියන එකයි දෙකක් නේද ජිමින්...?

අනික මම කැමති නැහැ මගේ නමකට හරි සහකාරයෙක් ව මේ විදිහට බිම නිදාගන්න එක බලන්න. ජිමින් ට පුළුවන් මීට අවුරුදු ලක්ශයකට කලින් ජිමින් මේ මාලිගාවේ පාවිච්චි කරපු ජිමින්ගෙ කාමරේ ඉන්න.

ඒත් ඔය ඇඳුම් අඳින්න එපා. මම ඒවට කැමති නෑ. හෙට උදේ ඉඳන් සේද අඳින්න... හරිද....? ඕක බීලා ඔයාගෙ කාමරේ ට යන්න. "

ජන්කුක් එහෙම කියලා නැගිටලා යද්දි ජිමින් කල්පනා කළේ ජිමින් ට යි යුන්ගි ටයි දෙන්නට ම පණ පිටින් අපාය පෙන්නනවා කියලා කිව්වෙත් මේ ජන්කුක් ම නේද වගේ හැඟීමක්. ඒත් තමන්ට බඩගිනි බව මතක් වුණ ගමන් ජිමින් සුප් එක කටට දෙකට ඉවර කරන්න පටන් ගත්තේ, බැරි වෙලාවත් ජන්කුක් ආයෙ ආවොත් සහ ඒ එද්දි තමන් අතේ මේ සුප් එක එහෙමම තිබුණොතින් හොඳට කතා කරපු ජන්කුක් ආයිමත් රාක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා යි.

" අපි බලමු ජිමින්... ඔයා ගාවදි ඇයි මෙයා මෙච්චර සන්සුන්...?

ඔයා ගාවදි කොහොමද ජිමින් එයා මේ විදිහට සංවර ව වගේම ආදරණීය ව කතා කළේ...?

මොකක් ම හරි දෙයක් තියෙනවා. සමහර විට මම ජන්කුක් ගාව හිටියොත්, එයාව මගේ පැත්තට ආකර්ෂණය කර ගන්න උත්සාහ කළොත්... එයා ට ටේහ්‍යුන්ග් එක්ක සම්බන්ධය අලුත් කරවගන්න පුළුවන් වෙයි..

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now