CHAPTER 36

111 24 6
                                    

ජන්කුක් ඇහැරිලා කියලා තේරුම් ගිය ගමන් ම මාලිගයේ වැඩ කරන කට්ටිය සහ මීට වසර ලක්ෂ ගණනක් තිස්සේ මායා මාලිගයේ ජීවත් වුණ කායි සහ වෙන් ක්වින් ඉදිරිපත් වෙලා තිබුණා ජන්කුක් ව නවත්තන්න.

ජන්කුක් වැනි වැනී කිසිම පණක් නැතිවත් ඇවිදගෙන යන්න උත්සාහ කරද්දි කායි ජන්කුක් ඉස්සරහට ගියා.

"ප්‍රණාමය... ඔබතුමා ට"

ජන්කුක් කායි දිහා බලන්න හැදුවා වුණත් කායි ව පැහැදිලි ව ජන්කුක් ට පෙනුණේ නැහැ.


" කායි.... මං මේ කාමරයේ මොනවද කරන්නේ...? කොහෙද අර ජන් හෝසොක්.... වගේම පාක් ජිමින්...?"

ජන්කුක් අහනකොට ජන්කුක් වැටෙන්න ගියෙ බිම තිබුණු රත්රන් මල් පෝච්චියක ට කකුල පැටලිලා. ජන්කුක් ව කායි අල්ල ගත්තෙ වැටෙන්න නොදී.

" උතුමාණනි.. ඔසු පැන් දාලා ඔබතුමා ගෙ නාන තටාකය සූදානම් කරන්නම් විනාඩියෙන්...

ඔබතුමා ට සුවපත් බවක් දැනේවි. මා දුටුවා ඔබතුමා විමසූ පුද්ගලයන් දෙදෙනා ඔබතුමා ට උදෑසන ආහාර සූදානම් කරන අයුරු."

කායි කියද්දි ජන්කුක් ඒක හොඳ අදහසක් බව කිව්වෙ තමන් ට ජලය සමග කාලය ගත කරන්න පුළුවන් වුණොත් තමන්ගෙ සිරුරට ඇති වෙලා තියෙන අප්‍රාණික බව නැත්තට ම නැති වෙලා යන බව තේරුම් අරගෙන.

මෑකද ජන්කුක් කියන්නේ සුවපත් කිරීමේ ශක්තියෙන් අගතැන්පත් වුණ කෙනා නිසා තමන් ව වුණත් වැඩි කාලයක් නොයා සුවපත් කර ගන්න ජන්කුක් ට පුළුවන්.


" හොඳයි... මගේ කුටිය ට...."

ජන්කුක් ඈතින් පේන තමන්ගෙ කාමරය පැත්තට ඇවිදගෙන යන්න පිටත් වුණේ තමන් ව තමන්ට සමබර කරගන්න බැරි බව තේරුමක් වත් නැතිව.

" මම උදව් කරන්නම්.."

කායි ජන්කුක් ගෙන් බැණුම් අහන්න වුණත් ලෑස්ති පිට ජන්කුක් ගෙ අත අල්ල ගත්තා වුණත් ජන්කුක් ට දොඩවන්න පණක් නැති හන්දා ම කායි ට ජන්කුක් ව හෙමින් සැරේ එයාගෙ කාමරයට වත්තම් කරගෙන යන්න පුළුවන් වුණා.

ඒ වෙනකොට ත් වෙන් ක්වින් ලෑස්ති කරපු නාන තටාකය ට ජන්කුක් ව බස්සවන්න කලින් කායි ගොඩක් වෙලා ජන්කුක් එක්ක වාද කරලා ජන්කුක් ගේ උඩ සලුව අයින් කරන්න සමත් වුණා.

Reunion of hell and heaven. season 2 ✔️Место, где живут истории. Откройте их для себя