CHAPTER 15

117 23 10
                                    

" විහිලුවක් කළේ... එතරම් අසහනකාරයෙක් නෙවෙයි මං.."

තමන් දිහා පුදුම කරගත්ත ලොකු ඇස් වලින් බලාගෙන ඉන්න සොක්ජින් ට ජන්කුක් කිව්වෙ හරි ආදරෙන්.

" අඩුම ගානෙ මට මගේ ගුඩ් මෝනිං එක වත් ආපහු හම්බ වුණා නම් හිත හදා ගන්න තිබුණා...."

ජන්කුක් ඒක නම් කිව්වේ දුකෙන් වගේ. මේ දුක හිතෙන තාලෙ මූණ දැක්කම නම් සොක්ජින් ට ත් දුක හිතුනෙ ජන්කුක් ට ආපිට ගුඩ් මෝනිං කියන්න ත් අමතක වුණා කියලා මතක් වෙද්දි.

" හරි ඉතින්... ඔහොම මූණ දුක් කරගන්න එපා... ඔහොම කරනකොට මටත් දුක හිතෙනවනේ... "

සොක්ජින් කිව්වෙ ජන්කුක් ගෙ තොල් පෙරලගත්ත නිසා පිම්බුණු කම්මුල් දෙක අල්ලලා හොල්ලන ගමන්.

පඩිපෙළ බහින සද්දයක් ඇහෙද්දි, ඉක්මනින් ම සොක්ජින් ට කිස් එකක් දුන්න ජන්කුක් සින්ක් එක ගාවට ගිහින් වීදුරුවට වතුර එකක් පුරව ගත්තා.

ජන්කුක් අහිංසකයා වගේ ඒක බොනකොට කුස්සියට ආව ජිමින් තඩි ඈනුමකුත් ඇරලා කතා කළා.

" ආ ජිනා....."

සොක්ජින් පොඩ්ඩක් රවලා බලනකොට තමයි ජිමින් ට මීටර් වුණේ තමන් මොකක්ද කිව්වෙ කියලා.

" ආ.. ජින් හ්‍යුන්ග්... ගුඩ් මෝනින්.."

ජිමින් සොක්ජින් ට කිව්වෙ ජින් ගෙ රැවිල්ල නිසා දිය වෙලා යන්න කලින්.

" හ්ම්..."

කියපු සොක්ජින් ආයෙමත් උයන එකට අවධානය දෙනකොට, ජිමින් ජන්කුක් ව ගනන් නොගෙන ආයෙමත් කතා කළේ සොක්ජින් එක්ක.

" ජින් හ්‍යුන්ග්... මගේ මේ ඔලුව බරයි වගේ.. හරියට පුපුරන්න වගේ.."

සොක්ජින් නම්ජුන් ගෙ තුවාලයක් අතුරුදහන් කළා ය කියලා මතක් වුණ ජිමින් සොක්ජින් ට කිව්වෙ, ජින් තමන්ගෙ ත් ඔලුව කැක්කුම අතුරුදන් කරලා දෙයි වගේ හැඟීමක් එක්ක.

" ඕක හිතන්න තිබ්බෙ රෙඩ් වයින් වලට අත තියන්න කලින්....

මේවා රස ඒවා.. ටේහ්‍යුන්ග් ත් බොනවද කියලා අහන්නත් කලින්..."

ජන්කුක් කියද්දි නම් ජිමින් ට පුදුමයි  එයාලා බාර් එකට යද්දිත් ගෙදර හිටපු, බාර් එකෙන් එද්දිත් ගෙදර හිටපු මනුස්සයා කොහොමද දන්නේ තමන් රෙඩ් වයින් බිව්ව වගක්.

Reunion of hell and heaven. season 2 ✔️Waar verhalen tot leven komen. Ontdek het nu