𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭8°•.

137 33 10
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭8°•.

ᴍʏ ʙᴀʙʏ ʙᴏʙᴏ

මගේ හොද පන ඇකඩමියට හීන වෙනකොට ගෙදර එනගමන් ශීසු ආච්චිගේ ගෙදරට ගිහින් බෝ බෝ පැටියවත් අරගන ඇවිත් වොශ් දාලා මම බෝ බෝ පැටියට කවලා බෙහෙත් ටිකත් දිලා පාරට බැස්සේ කෝෆි ශොප් එක අරින්න යන්න. වෙනසකටත් එක්ක බලමු රෑට කෝෆී බොන්න එන අය ඉන්නවද කියලා.මීට කලින් academy යෙන් එන්න පුළුවන් වුනත් කොහෙද අර මෝඩ yibo සපත්තුවක් නිසා මාව මරන්න හැදුවානේ.





"අපිත ඉම්නෙ ලත්ත්න තීත කෙනෙක් පපා"







"ආ..හ් ඒ ටීච ලස්සනද ඉතින් ටීචගේ නම මොකක්ද..."






"මිමි තීත"






"මිමි ටීච"






අද වුන සේරම වගේ බෝ බෝව මම ගෙදරගෙනාපු වෙලේ ඉදන් ගලපලා කියද්දි මම අහගන හිටියා වගේම කතාවෙන් කතාව කොෆි ශෝප් එකලගට අවම කොෆි ශොප් එක ලස්සනට සරසලා.මම හිතුවේවත් නෑ මේ විදියට දකින්න ලැබෙයි කියලා වැඩිපුර සල්ලි හම්බුනාම කොෆි ශොප් එක සරසනවා කියලා හිතාගන හිටියේ ඒත් ඒ සේරම ගානට වෙලා.බින් වගේම ශීසු ආච්චි තව මේ ජුමා හන්දියේම මම අදුරන කිහිප දෙනෙකුත් හිටියා. පුංචි පුංචි ලයිට් බල්බ් එලිය වුනා රෑ වෙලා නිසා හරිම ලස්සනට පෙනුනා. මගේ ශොප් එකමද මේ කියලත් මට හිතුනා.









"දැන් ද එන්නේ කොලුවෝ ඔන්න ඔය රිබන් එක කපලා අපිව ඇතුලට ගන්න තියෙන්නේ...."








මගේ ඇස්වලට කදුළුත් ආවා බින් මගේ අතට කතුර දුන්නම මම බෝ බෝ පැටියගේ අතට කතුර දීලා ඒ අත අල්ලලා කොෆී ශොප් එකේ රිබන් එක කැපුවා.ඇත්තටම හොද හිත් තියෙන මිනිස්සු ජිවත් වෙනවා මගේ වටේ.මම කොච්චර අවාසනාවන්ත කෙනෙක් වුනත් මට එදා බින්ව හම්බුනා ඒ වගේම ශීසු ආච්චි එතකොට මේ ජුමා හන්දියේ මිනිස්සු.මේ සේරමලා නැත්නම් මම අද කොහේ ඉදීද කියන්න මමවත් දන්නෑ. අප්පුඩි හඩ මැදින් හැමෝම ඇතුලට ඇවිල්ලා ඉදගත්තා වගේම ශොප් එක පැනිරස කෑම වලින් වගේම තව ගොඩක් කෑම වලින් පුරවලා ගානත් ලේබල් කරලා තියෙනවා දකිද්දි මම ඉබේම බැලුවේ බින් දිහා.බින් හිනා වුනා.බින් Apron එක අරගන ඒක දාගන පෑනකුත් අරගන අමුත්තන් ගාවට ගියේ ඕඩර් බාරගන්න වෙන්න ඇති එයාලා කැමති දේවල්ම අපි දෙන්න ඔනේනේ.මම බෝ බෝ පැටියව බිමින් තිබ්බා දැන් මගේ වැඩ පටන් ගන්න වෙලාව.

𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now