|36|

2.6K 454 85
                                    

"ගොඩක් රිදෙනවද..."

වෙව්ලන කටහඩකින් ටේහ්‍යොන්ග් ඇහුවේ තමන්ගේ උරහිසේ ඔලුව තියන් ඉන්න ජන්කුක්ගෙන්...ජන්කුක් ඔලුව තියාගෙනම ඔව් කියලා ඔලුව වැනුවා...ටේහ්‍යොන්ගේ ඇස් දෙක ආයෙත් තෙත් උනා..

"ම..මට සමාවෙන්න..."

ජන්කුක් ආයෙත් ඒකට කිසිම දෙයක් කීවේ නෑ.. ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගෙන් දැන් සමාව ඕනෙ නෑ , මෙහෙම තමන්ගේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න එකම එයාට ලොකු දෙයක් උනා...

"ජියෝන්..දැන් මොකක්ද ඔයා කරන්නේ..."

ටේහ්‍යොන්ග් ඇහුවේ එයාට කිසිම අදහසක් තිබ්බේ නැති හින්දා.. ටේහ්‍යොන්ග්ට ජන්කුක්වයි ගුකීවයි එයා ගාව තියාගන්න එක ලොකු දෙයක් නෙවෙයි... හැබැයි එහෙම දෙයක් අහන්නවත් ටේහ්‍යොන්ග් බය උනා.. අනික තමන් ජන්කුක්ට ආදරෙයිද කියලා , ආදරේ කරන්නද කියලා ඒ මුකුත් ටේහ්‍යොන්ග්ට හිතා ගන්න බැරි උනා...

"මොනා කරන්නද... හොද උනාම ජොබ් එකක් හොයාගන්න ඕනේ... "

ඔහේ ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් කෙල ගිල්ලා..

"එ.. එතකොට ගුකී..."

"මන් දන් නෑ... මොනා කරන්නද කියලා මම දන් නෑ... ගුකී තෝරගන්න විදියට මට දරාගන්න පුලුවන්..."

ජන්කුක් කීවෙ කල්පනා කරන ගමන්...

"ජොබ් එකක් ඕනෙ නෑ.. මට පුලුවන් ඔය දෙන්නව බලාගන්න..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් උරහිසෙන් ඔලුව ඉස්සුවා...

"ඒ මොකටද... මාව මොකටද.. මොන සම්බන්ධෙකටද මාව බලාගන්නේ... "

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් නිරුත්තර උනා...

"ගු..ගුකීගෙ පපා......"

"ගුකීගෙ පපා හින්දානම් , ඒක මීට කලිනුත් වෙලා තිබ්බා.. මට කිසි කෙනෙක්ගේ අනුකම්පාවක් ඕනෙ නෑ.. කවුරුත් මාව බලාගන්න ඕනෙ නෑ...මට පුලුවන් මන් ගැන බලාගන්න..."

ටිකක් එහාට වෙන්න හදන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස වටෙට අත යවලා පරිස්සමට ලගට ගත්තා...

"ජියෝන්.. මට කැමතිද..."

ජන්කුක්ගේ කනට කරලා ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක් එක පාරටම ගැස්සෙනකොට..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now