|10|

2.1K 417 55
                                    

" මොකක්ද ... මෙතන මේ වෙන්නෙ..."

ගැඹුරු කටහඩ ජන්කුක්ට හුරුයි .. ජන්කුක් තොල් හපාගෙන ඇස් දෙක උඩට උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා.. ජන්කුක්ගෙ බෝල ඇස් රතු වෙලා කදුළු පිරිලා.. ජන්කුක් මේක අස්සට කොහොම ආවද නොදන්නවා උනත් ජන්කුක් මෙහෙම ඉන්න එකට ටේහ්‍යොන්ග් කැමති උනේ නෑ...

" සර් .. සමාවෙන්න සර්.. ඒත් මූ මේ පැත්තට ඇවිදගෙන ආවා... මෙතනින් එලියට යනකොට මන් අල්ලගත්තෙ.."

ජන්කුක්ව අල්ලගත්ත ගාඩ් ටේහ්‍යොන්ග්ට උත්තර දෙනකොට , ටේහ්‍යොන්ගෙ ගිනි පිට වෙන ඇස් දිහා බලන් ඉන්න බැරුව බිම බලාගත්ත... තාමත් ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලාගෙන.. ජන්කුක් වැරැද්දක් කරේ නෑ, ජන්කුක් ආවෙ තමන්ගෙ දරුවා හොයාගෙන...

" තමුන් යනවා මෙතනින් .. මන් බලාගන්නම් මේක.."

" සර් .. ඒත් සර්.. අපි දන් නෑනෙ.."

ටේහ්‍යොන්ග් කීවත් ගාඩ් ආයෙත් ජන්කුක් දිහා බලලා කියන්න ගත්තෙ ටේහ්‍යොන්ගෙ ආරක්ෂාවට..

" උබට මොකක්ද මිනිහෝ දැන් මන් කීවෙ.. මැරුන් නොකා පලයන් මෙතනින්...මගෙ යකා අවුස්සන් නැතුව..."

ටේහ්‍යොන්ග් දත්මිටි කමින් කෑ ගහනකොට ගාඩ් ගන් එක පිටිපස්සට කරගෙන ටේහ්‍යොන්ග්ට ඔලුව නවලා එතනින්ම එලියට ගියා.. ටේහ්‍යොන්ග් ඊලගට හැරුනේ ජන්කුක් දිහාවට..

" මිස්ටර් ජියෝන් ..නැගිටින්න දැන්..මේ පැත්තට ආවෙ මොකටද.."

ටේහ්‍යොන්ග් අහනකොට අමාරුවෙන් නැගිට්ට ජන්කුක් ටේහ්‍යොන්ග්ට ඔලුව නැමුවා..

" සර්.. මම වැරදි දේකට ආවෙ නෑ.. මන් මගෙ දරුවව හොයාගෙන ආවෙ.. මට සමාවෙන්න සර්.."

ජන්කුක් කදුළු පිහදානගමන් කතා කරනකොට ටේහ්‍යොන්ග් ආයෙත් කතා කරා,

" ජියෝන් .. මෙහෙට ආවෙ මොකටද.."

ඒකට උත්තර දෙන්න කලින් දුවගෙන ආවෙ ජින් ..

" ජන්කුක් ..ඔයා කොහෙද ගියේ මන් හැමතැනම බැලුවා..අහ් .. ටේ බෙයා ඔයා කොයි වෙලේද ආවෙ..? මම දැක්කෙ නෑනෙ ...ජන්කුක් මොකද මේ ඇස් රතු වෙලා ඔයා ඇඩුවද කලමයෝ .. ඔයා මොනවා හරි කීවද ටේ..?"

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now