|22|

1.9K 416 31
                                    

" නම්ජූන් දැන් මොකක්ද කරන්නෙ..."

යුන්ගි ඇහුවේ දැනටමත් සිගරට් කොට ගොඩක් පිරිලා තිබ්බ ඈශ් ට්‍රේ එක දිහා බලාගෙන..

"මොනවද මම කරන්න ඕනෙ කියහන්.. ඔක්කොම අනිත් පැත්ත හැරවිලා වගේ.."

නම්ජූන් කටින් දුම් පිට කරන ගමන් කීවේ නලල මිරිකගෙන..

"මම දන්න උබ, මෙහෙම හැසිරෙන් නෑ.. මට කියපන් මොකක්ද කියලා.."

යුන්ගි කීවම නම්ජූන් අතේ තිබ්බ සිගරට් එක ට්‍රේ එකෙන් තිබ්බා..

"මන් කියන්නම්.. හැබැයි දැන්ම නෙවෙයි.."

හුස්මක් පිට කරලා නම්ජූන් රූම් එකෙන් එලියට ගියේ යුන්ගිව තනි කරලා...

.

.

.

"බොස් දැන් ඇති... අපි යමු.."

පෝල් ටේහ්‍යොන්ග්ට කීවේ, ටේහ්‍යොන්ග් දැන් සෑහෙන වෙලාවක් ක්ලබ් එකේ VIP රූම් එක්කට වෙලා බොන හින්ද...

දැනට පෝටෝ ටික හම්බෙලා සති තුනක් විතර ගිහින් තිබ්බා,ඒත් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා... ටේහ්‍යොන්ග්ට මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි උනා.. ලොකූ සතුටකින් හැමදේම ලෑස්ති කරපු ටේහ්‍යොන්ග් ඔක්කොම ඒ තිබ්බ විදියටම නවත්තලා තිබ්බා.. එදා ඉදන් කම්පැනි එකට ගිහින් තිබ්බේ නෑ ටේහ්‍යොන්ග් ...

ටේහ්‍යොන්ග් කලින් රූම් එක ඇතුලට කාටවත් එන්න දුන්නෙ නැති උනත් , ගර්ල් කෙනෙක් බෝතලයක් අරන් ඇතුලට යනකොට පෝල් ඒත් එක්කම ඉක්මනට ඇතුලට ආවෙ ඇයි කියලා පෝල්ටම හිතාගන්න බැරි උනා..

එක අතකින් සිගරට් එකක් අල්ලගෙන අනිත් අතින් ග්ලාස් එක අල්ලගෙන හිටපු ටේහ්‍යොන්ගේ අත් වෙව්ව්ලුවා කියලා පෝල්ට හොදටම පෙනුනා.. පැත්තකට විසි කරලා තිබ්බ කෝට් එක අරගත්ත පෝල් හැමදේම ගැන විමසිල්ලෙන් හිටියේ , නම්ජූන් කියපු කිසි දෙයක් අමතක කරන් නැතුව..

මෙරුන් පාර ශර්ට් එකේ උඩ බට්න් කීපයක්ම ගැලවිලා දාඩිය ගලන ගමන් තිබ්බ ටේහ්‍යොන්ගේ මී පැනි පාට තද පපුව ලස්සනට ලයිට් එලියට දිලිසුනා... උඩට හදලා තිබ්බ කොන්ඩෙ අවුල් වෙලා බාගෙට පිය උන ඇස් එක්ක ටේහ්‍යොන්ග්ට හම්බෙලා තිබ්බ සරාගී පෙනුම දිහා ඇතුලට ආපු ගර්ල් බලාගෙන හිටියේ මත් වෙලා වගේ...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now