|03|

2.3K 425 73
                                    

උදේ නැගිටලා වොශ් එකක් දාගෙන උදේ කෑම ලෑස්ති කරලා බොක්ස් වලටත් දාලා , කිරි එකත් හදලා ලා රස්නෙන් බෝතලේටත් දාගෙන් ඒක අරන් උඩට ආව ජන්කුක්, බොතලේ බෙඩ් ටේබල් එක උඩින් තියලා ඇදෙන් ඉදගත්තෙ රස්නෙට බෝලයක් වගේ ගුලි වෙලා නිදාගෙන ඉන්න හුරතල් බෝලෙ දිහා ආදරෙන් බලාගෙන..

" පොඩී .. නැගිටින්න දැන් .. නර්සරි යන්න තියනවා.. කෝ නැගිටින්න කම්මැලි බෝලෙ.."

පොඩ්ඩක් කෙදිරි ගාලා ආයෙත් ගුලි උන පැටියා දිහාට නැමිලා නහයෙන් බෙල්ල කිතිකවන්න ගත්තෙ නැගිට්ටවන්න හොදම විදිය මේක කියලා ජන්කුක් දන්න හින්ද..

" අනේ... පපා.. දෝ ගන්න දෙන්නකූ.. දෝ මතයි..."

" බෑ .. දැන් නැගිටින්න පොඩී... පපාට වැඩට යන්නත් පරක්කු වෙනවා ..නැගිටලා මේ කුක්කු එක බොන්නකෝ..කෝ නැගිටින්න මගෙ හොද බෝලෙ..."

කෝම හරි නැගිටලා ඇස් දෙකත් පියාගෙනම කුක්කු එක බිව්ව පොඩ්ඩාව උස්සන් බාතෲම් එකට ගිය ජන්කුක් පොඩ්ඩව වොශ් දම්මලා තුවායක ඔතලා ඇද උඩින් ගෙනත් තිබ්බෙ එයත් ළෑස්ති වෙන්න. ඔක්කොම කරගෙන ලෑස්ති වෙලා පහලට ඇවිත් කෑම එක කවලා , එලියට ඇවිත් බයික් එකට නැගලා පොඩ්ඩවත් පුන්චි හෙල්මට් එකක් දාලා ඉස්සරහින් තියාගත්තෙ ,පොඩ්ඩව පිටිපස්සෙ තියගන්න බය නිසා.

ජන්කුක් නර්සරි එක ගාවින් බයික් එක නවත්තලා පොඩ්ඩව උස්සලා බිමට බැස්සුවා.. එයත් හෙල්මට් එක ගලවලා බයික් එකෙන් එල්ලලා පොඩ්ඩ්ගෙ ගානට බිමට නැමිලා චූටි හෙල්මට් එක ගලවලා අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ අතින් හදලා මූන මිරිකලා ඔලුවෙන් කිස් එකක් තිබ්බෙ පොඩ්ඩ ජන්කුක්ගෙ බෙල්ල වටේඅත් යවල කම්මුල්ට ලොකු කිස් එකක් දෙනකොට..

" චූටි මැනික සෙල්ලම් කරාට දග නොකර ටීච කියන දේ අහන් ඉන්න ඕන හරිද.. පපා මගෙ පැටියව ගන්න හවසට එන්නම්.. පැටියා පරිස්සමට ඉන්න ඕනෙ හරිද.."

" පපා බා වෙන්න එපා .. පපා එනකම් ගුකී බබා පරිත්තමට ඉල්ලම්.. ගුකී බබා ස්ට්‍රෝන්ග්නෙ.. "

කියලා ජන්කුක්ගෙ කම්මුල ආයෙත් ඉබලා බෑග් එකත් එල්ලන් හුරතලේට දුවගෙන යන තමන්ගෙ පැටිය දිහා ආදරණීයව හිනා වෙලා බලන් හිටිය ජන්කුක් ඉදන් හිටිය තැනින් නැගිට්ටෙ මේ හුරතල් බෝල ඇස් ,ලස්සන පෙට්ටි හිනාව .. ඉවරයක් නැති හුරතල් කතා පෙට්ටිය නැතුව තමන්ට ජීවිතයක් නෑ කියලා හිතන ගමන් ... ඒ හින්ද ජන්කුක් තමන් ගන්න තීරන ගැන.. කැප කරපු ජීවිතේ ගැන කවදාවත් පසුතැවුනෙ නැහැ ..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now