|04|

2.4K 449 85
                                    


ඇදුමත් ආයෙ හදාගෙන ජන්කුක් ඇතුලට යනකොට දැක්කෙ ලොකු වීදුරුවෙන් එලිය බලාගෙන තමන්ට පිටුපස හරවල ඉන්න කෙනෙක්ව . ටිකක් වෙලා බලාගෙන ඉදලා හිමීට " සර්..." කියල කතා කරේ සර්ගෙ අවදානෙ ගන්න..

ටේහ්‍යොන්ග් හැරෙනකොටම පොඩ්ඩක් ගැස්සුන ජන්කුක් ටිකක් ඇස් ලොකු කරන් බලාගෙන හිටියෙ අලුත් බොස් විදියට මෙහෙම කෙනෙක් මවාගෙන හිටියෙ නැති හින්ද..

නලලට එක කෙස් රොදක් වැටෙන විදියට උඩට කරලා හදලා තිබුනු ඝන කලු පාට කොන්ඩේ , ලා දුබුරු පාට විනිවිද යන තියුනු ඇස් දෙක,මී පැනි පාට හම, උඩ බොත්තම් දෙකක් ඇරල වැලමිට ගාවට අත් දෙක නවපු ලා දුඹුරු පාට ෂර්ට් එකත් එක්ක තද දුබුරු පාට කලිසමත් එක්ක කිසිම අඩුපාඩුවක් නැති තමන්ගෙ අලුත් බොස් දිහා බලාගෙන හිටපු ජන්කුක් හොද සිහියට ආවෙ එක ඇහි බැමක් උස්සලා තමන් දිහා බලලා අතකින් මේසෙ ඉස්සරහ තිබුන පුටුවකට සන් කරපු හින්ද ..

කෙල ගිලලා ඔලුව නමලා ආචාර කරපු ජන්කුක් පුටුවෙන් වාඩි උනාම ටේහ්‍යොන්ග් තමන්ගෙ පුටුවෙන් වාඩි උනේ ජන්කුක්ගෙ උඩ ඉදන් පහලට නිරීක්ෂණය කරන ගමන් ..

කිරිපාට හමක් එක්ක ටිකක් දිගට තිබුනු කොන්ඩෙ පැත්තකින් දෙපැත්තට වැටිලා, තද කලු බෝල ඇස් දෙක හින්ද ඇතිවෙලා තිබ්බ හුරතල් පෙනුම, කලු කලිසමට ටිකක් ලොකුවට අත් නමලා ඇදලා තිබුනු සුදු පාට ෂර්ට් එක අතරින් පේන කිරි පාට හම , හැමදේකින්ම අමුතුම සුන්දර බවක් කැපිල පෙනුනු තමන් ඉස්සරහ ඉන්න කොල්ලගෙ දුටු පමනින් දැක්ක හුරු පුරුදු මුහුනුවර හින්ද ටේහ්‍යොන්ග් යම් කල්පනාවකින් හිටියෙ.

" යුන්ගි කියන්න ඇති තමන්ට මොකටද එන්න කීවෙ කියලා, මේ වෙලාවෙ ඉදන් හරියට පිලිවලට වැඩ ටික සිද්ධ වෙන්න ඕන .. මන් එන්න කලින් ඇවිත් කැබින් එක අස් කරලා මගෙ ජූස් එක ගෙනල්ල තියලා තියෙන්න ඕනෙ , මන් ආවම අද දවසෙ ශෙඩියුල් එක මට කියලා තමන්ගෙ වැඩ පටන් ගන්න පුලුවන් , කිසිම කෙනෙක්ට මාව කෙලින්ම හම්බෙන්න එන්න බෑ , ෆයිල් ඔක්කොම තමන්ගෙ මාර්ගෙන් මට ලැබෙන්න සලස්වන්න, මන් ඔෆිස් එකෙන් යන වෙලාවට තමුන්ටත් ඕෆ් වෙන්න පුලුවන් , දැනට එච්චරයි , ඊලග ට තියන මීටින් එකට ඔක්කොම ලෑස්ති කරන්න දැන් , අද ඉදන් කලින් සෙකට්‍රි පාවිච්චි කරපු කැබින් එකම පාවිච්චි කරන්න පුලුවන් තමන්ට ,දැන් යන්න පුලුවන් .."

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now