|20|

2K 413 45
                                    

"ජන්කුක් ... ඔයා නම්ජූන්ගෙ මල්ලිට කැමතිද..."

ජන්කුක් හිටියෙ හෝසොක්ගේ ගෙදර සෝෆා එකේ ඉදගෙන තේ එකක් අතේ තියගෙන...ඒක ඇහුන ගමන් ජන්කුක් ගැස්සිලා හෝසොක් දිහා බැලුවා...හෝසොක් කෙලින් ජන්කුක් දිහා බලන් හිටියා.. ඒ ඇස් වල විහිලුවක් කරන පාටක් නෑ...

"ඇ..ඇයි හ්‍යුන්ග් එහෙම ඇහුවේ..."

ජන්කුක් තේ එක දිහා බලන්ම ඇහුවා..

"මට ඔයාට බලපෑම් කරන්න බෑ තමයි ජන්කුක් .. ඒත් ඔයා මගේ මල්ලි වගේ... "

ජන්කුක් හුස්මක් පාත දැම්ම...

"මම හිතන්නේ .. මම ටේහ්‍යොන්ග් සර්ට කැමති ..."

තමන්ගේ තොල් අත ගාන ගමන් ජන්කුක් හෝසොක් දිහා බැලුවා...

"ජන්කුක්... ඔයා ඉන්න තත්වේ මම දන්නවා.. ඒත් ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුලුවන් ... නිකන් ආකර්ෂණයක් හින්ද දේවල් අවුල් කරගන්න එපා..."

"නිකන් කැමැත්තක් .. මාත් හිතුවේ එහෙම තමයි..නෑ මං එයාට ආදරෙයි ... හ්‍යුන්ග්..."

ජන්කුක් කෑ ගහලා කීවා... හෝසොක්ට තේරුනා ජන්කුක්ට තේරුම් කරනවට වඩා තේරුම්ගන්න ඉඩ දෙන එක හොදයි කියලා.. සමහර දේවල් තමන්ම තේරුම්ගන්නකන් කවුරු කොහොම කීවත් පිලිගන්න කැමැත්තක් ඇති නොවෙන්න පුලුවන් ...

"හ්ම්ම්... මං ඔයා ගැන දන්නවා.. ඔයා ඔය හදවතින්ම කරන දේට ආපහු හම්බෙන ප්‍රතිචාර කොහෙත්ම හිතන තරම් සුන්දර නොවෙන්න පුලුවන්... මෙච්චර කල් කරපු දේවල් අපතේ යන දෙයක් කරන්න එපා.. මොන දේ කරත් පරිස්සමට ... ජන්කුක් මම ඔයාගේ තරහට නෙවෙයි මේ දේවල් කියන්නෙ... ඒත් පසුතැවෙන දේවල් කරනවට වැඩිය අමාරුවෙන් හරි මුලින්ම නවත්තන එක තමයි හොද.. ඉන්න ..මං ගුකී අරන් එන්නම්..."

හෝසොක් එහෙම කියලා කාමරේට ගියේ නිදන් ඉන්න ගුකී ඇහැරවන් එන්න.. තාමත් තේ එක දිහා බලාගෙන ජන්කුක් හෝසොක් කියලා ගිය දේවල් කල්පනා කරා..

"මම දන්නවා හ්‍යුන්ග්... "

ජන්කුක් තමන්ටම මුමුණ ගත්තා.. ඒත් ජන්කුක්ගේ හැගීම් නම් ටේහ්‍යොන්ගේ නමින් හිත පුරා දුවන ගමන් හිටියේ...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now