|27|

1.9K 407 69
                                    


අතැරලා දාපු පාළු ගොඩනැගිල්ලේ බිත්ති පතුරු වගේ ගැලවිලා යන ගමන් තිබ්බා.. තට්ටු පහක් විතර බාගෙට නිම කරලා තිබ්බ ගොඩනැගිල්ල අතෑරලා දාලා ගොඩක් කල් කියලා බිත්ති වල බැඳුණු දියසෙවෙල් වලින් හොදින් ඔප්පු උනා..

ගොඩනැගිල්ලේ පහලින්ම පොළව යටට විහිදුණු ඇතුල්වීමකින් පොලවටත් යටින් තිබුන් තට්ටුවට යන්න ලොකු යකඩ දොර හදලා තිබ්බා..

පොළව යට නිසා තනිකරම කලුවර උන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ එක  බිත්තියක ඉහළින්ම තිබ්බ පොඩි වා කවුලුව දිගේ විතරක් ලාවට එලිය කොටුවක් වගේ බිමට වැටිලා තිබ්බ.. තැනින් තැනින් වතුර බින්දු කාන්දු වෙන හඩ වගේම , යකඩ දොරේ දම්වැල් හෙල්ලෙන හඩ විතරක් බිම් තට්ටුව දෝංකාර දුන්නා...

එලියෙන් ලොක් එක ඇරිලා දම්වැල් ඇදලා දාන ලොකු සද්දෙ , ඇතුලේ පුටුවක් උඩ බැදලා දාලා හිටපු මනුස්සයට ඇහුන් බවක් නම් පේන්න් තිබ්බේ නෑ..

"නැගිටපන්..."

නම්ජූන් කෑ ගහලා කියන ගමන් අතින් සන් කරාම වතුර භාජනයක් පුටුවේ බැදලා හිටපු මනුස්සයගේ මූන්ටම ගැහුවා...

"හුම්..අහ්.. කැහ්..."

මනුස්සයා අමාරුවෙන් ඇස් දෙක ඇරියේ නහයටත් එක්ක ගියපු වතුර පාරෙ සැරට .. හැබැයි ඇස් ඇරපු ගමන් දකින්න හම්බුනේ  හොද දර්ශනයක් නෙවෙයි.. නම්ජූන් ඉස්සර පුටුවක් තියාගෙන ඉදගෙන බලාගෙන හිටියේ ඇස් දෙකත් රතු කරගෙන..

" කියපන්.. උබ කාටද වැඩ කරන්නේ..."

නම්ජූන් කතා කරාම අර මනුස්සයා බිම බලාගෙනම කීවා..

"කතා කරපන්.."

"බො.. බොස්ට.."

" තෝ කාටද කතා කරන්නේ දන්නවද.. තෝ මට වැඩ කරා නම් මේක අස්සේ ඉදගෙනම කරපු අනිත් වැඩේ මොකක්ද බල්ලෝ.. ආර්හ්..."

පුටුව පිටින්ම බිමට වැටෙන්න පයින් ගහන ගමන් නම්ජූන් කෑ ගැහුවා..

"තෝ වගේ පොඩි එකෙක් මෙතන හුරතල් කරන්න මට වෙලාවක් නෑ.. අන්තිම වතාවට අහන්නේ කියපන් උබ කාටද වැඩ..."

අර මනුස්සයාගේ කට දෙපැත්තෙන් තද කරන ගමන් නම්ජූන් ආයෙත් ඇහුවා..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα