|35|

2.4K 439 35
                                    

" පපාආආආ..."

ජන්කුක් හැරිලා බැලුවේ ටිකක් ඈතින් ඇහුන හුරුපුරුදු කටහඩට...

"ගු..ගුකී.. ගුකී කොහොමද මෙහෙ ඉන්නේ..."

තමන්ටම මුමුණගන්න ගමන් ජන්කුක් හැරිලා බැලුවේ විල ඉවුර දිගේ පුන්චි පදුරු අස්සෙන් තමන් ඉන්න දිහාට දුවගෙන එන ගුකී දිහා...ලොකූ පෑඩ් ජැකට් එක්කත් ඇදලා රතු වෙච්ච චූටි මූන විතරක් එලියට පේන විදියට දුවන් එන ගුකීව පෙනුනේ බෝලයක් එනවා වගේ... ජන්කුක්ට ඉක්මන්ට නැගිටින්න අමාරු හින්දා කදුලුත් පුරවන් ඉන්න විදියටම බලන් හිටියේ හිතේ ඇති උන සතුටත් එක්කමයි...

එතනට ඉක්මනට දුවගෙන ඇවිත් ජන්කුක්ගේ අතත් අල්ලගෙන ගල දිගේ බඩගාලා උඩට නැග්ග ගුකී හරී පරිස්සමට ඒත් තදින් ජන්කුක්ව බදාගත්තා... ආයෙත් ඈත් වෙලා සීතල චූටි අත් දෙකට ජන්කුක්ගේ මූන මැදි කරන් චූටි චූටි හාදු ගොඩක් දුන්නේ ජන්කුක්ට කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් දෙන්නේ නැතුවා...

"පපා.. ගුකී බබා එක්ක තලා වෙලාද ඉක්මනට ආවෙ නැත්තේ මාව බලන්න... දැන් පපාගේ තූල හොදයිද... ගුකී බබා ගුඩාක් බලන් හිතියා, පපා එනකල්..."

එක දිගට ජන්කුක්ගේ ඇගිල්ලත් චූටි අත් වලින් අල්ලගෙන කතා කරන ගුකී දිහා බලපු ජන්කුක් එහෙමම ගුකීගේ වටෙට අත් යවන ගමන් තුරුල් කර ගත්තා..

"පපාටත් මගෙ මැණීකව ගොඩාක් මතක් උනා... මන් තරහා වෙන්නේ මොකටද ගුකී එක්ක..ම්ම්.."

ජන්කුක් ගුකීව තුරුල් කරගෙනම කීවේ ගුකීගේ ඔලුව ඉබින ගමන්... ගුකී ගාවත් අමුතු සුවදයි...

"ගුකීටත් පපාව මතක් උනාද..."

"ඕ.. මන් ගුඩාක් බලන් හිතියා... ඩඩා තමා කීවේ අද පපාව බලන්න එක්කන් එනවා කියලා... "

ගුකී කියනකොට ජන්කුක් ඉක්මනට ඔලුව උස්සලා බැලුවා ... කාගෙවත් අවධානේ මෙච්චර වෙලා එහා පැත්තේ ඉදන් එයාගේ ගුකීයි ජන්කුකුයි දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග්ට යොමු උනේ නෑ...

______

කලින් දවසේ පපාව බලන්න එක්කන් යන්නම් කීවත් ඒ කොහොමද මොකක්ද කරන්නේ කියලා අදහසක් ටේහ්‍යොන්ග්ට තිබ්බේ නෑ... ඒත් පහුවදා ගුකී ඉන්න විදියත් එක්ක කොහොම හරි එලියට එක්කන් ආපු ටේහ්‍යොන්ග් බුසාන් ආවෙ රිසෝට් එකේ වැඩ බලන්නත් එක්ක... ඇත්තටම මේ කාලේ පුරාවටම හරියට කම්පැනියේ වැඩකටවත් අවධානය දුන්නේ නැති ටේහ්‍යොන්ග් තමන්ගේ කාලේ ඔහේම ගෙවලා දැම්මේ කරන්න ඕනෙ මොනවද කියලා හිතන්නවත් බැරි තරම් එයා හිස් වෙලා වගේ දැනුන හින්දා...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now