|31|

2.3K 450 68
                                    

" උබ මගෙ මල්ලිගේ ජීවිතේ විනාශ කරා..."

එක පාරට ඇහුන හුරුපුරුදු ගැඹුරු කටහඩත් එක්ක නිශා ට තමන්ගේ කම්මුල පුපුරු ගහලා නිලංකාර වෙනවා වගේ දැනෙනකොට විසිවෙලා ගිහින් ස්ටූල් එකේ කොනක වැදුනා.. ඒත් එක්කම තමන්ගේ අත් දෙක පිටිපස්සට ඇදිලා තද වෙනවා දැනෙනවත් එක්කම ඔලුවට හයිය දේකින් තද පාරක් වැදෙනවා දැනුනා...

"ඕකිව වාහනේට දාපන් .. එකෙක් ඉතුරු කරන්න එපා ඔක්කොම එවුන් ගනින් පණ පිටින් හරි නැතුව හරි..."

සිහිය නැතුව තියන නිශාගේ ශරීරයත් එක්ක අනිත් හැමතැනටම ඇගිල්ල දික් කරලා නම්ජූන් ගියේ තාමත් බිම වැටිලා තමන්ගේ අත් අතර තියන ජන්කුක්ගේ සිරුර දිහා එක දිගට බලන් ඉන්න ටේහ්‍යොන්ග් ගාවට..

"නැගිටපන් .. තවත් මොනවද බලන්නේ ඔක්කොම ඉවර උනාට පස්සේ ... "

ටේහ්‍යොන්ගේ උරහිසෙන් අල්ලලා හොල්ලන ගමන් නම්ජූන් අතින් සන් කරාම එතන හිටපු අය ජන්කුක්ගේ සිරුර ගන්න ලෑස්ති උනත් ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම ඒ පණ නැති සිරුර උස්සන් නැගිට්ටේ කාටවත් පේන්නේ නැතිව ජන්කුක්ගේ ලේ වලින් පෙගිච්ච ඇගිලි තදින් අල්ලගෙන හිටපු චූටි අතත් ඇදෙද්දිමයි...

"පපා..."

හුස්මගන්න අමාරුවෙන තරම් හයියෙන් යටි ගිරියෙන් කෑ ගහ ගහ ඉකි ගහන ගමන් අඩන චූටි ගුකීව එහෙමම නම්ජූන් වඩා ගත්තේ ඒ ඇස් වලටත් අගින් පුන්චි කදුලු බින්දුවක් මෝදු වෙනකොට...

"බොස් .. එකෙක් පැන්න.."

මාක් නම්ජූන් ගාවට දුවන් එන ගමන් කීවා..

"මොකක්ද උබට මම කීවේ... එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා යකෝ, පලයන් , හවස් වෙනකොට ඉවර වෙන්න ඕනෙ.."

තම්න්ගේ අත් උඩ ඉදන් බිමට බහින්න දගලට ගුකීව අල්ලගන්න ගමන් රහසින් නමුත් තදින් කීව නම්ජූන් ගුකීවත් එක්කන් ඇවිත් එයාගෙ වාහනේට නැග්ගේ ජන්කුක්ව දාපු වාහනේ පැත්තට අත දික් කරලා අඩන ගුකීවත් තදින් අල්ලගෙනයී...

.

.

.

.

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now