|33|

2.3K 449 78
                                    

උදේම තමන්ගේ පපුව උඩ එහෙට මෙහෙට දගලනවා වගේ දැනෙනකොට පැය දෙකක් විතර නින්ද ගිහින් හිටපු ටේහ්‍යොන්ග් නැගිට්ටුනේ අමාරුවෙන් ඇස් දෙක අරින ගමන්.. පපුව උඩ බරට දැනෙනකොට පහල බැලුවම ඉබේටම ලාවට හිනාවක් ආවෙ පපුව උඩ නිදන් ඉන්න කෙනා දැකලා...

නින්දෙන්ම දැනුන උණුසුමට වෙනදා පුරුද්දටම ටේහ්‍යොන්ගේ පපුව උඩ කකුල් දෙකත් දෙපැත්තට දාලා ගුකීට කාලෙකට පස්සේ හොදට නින්ද ගිහින් තිබ්බා.. ජන්කුක්ගේ පපුවටත් වඩා පලල් පපුව උඩ හොද සැපට චූටි ගුකීට නින්ද ගිහින් තිබ්බේ කටෙන් කෙල පාරකුත් බේරිලා...

තමන්ගේ පපුව උඩ හොද සනීපෙට නිදන් ඉන්න බෝලෙව දැක්කම ටේහ්‍යොන්ගේ ඇස් දෙක සතුටටම තෙත් උනා.. කවදාවත් මෙහෙම අත්දැකීමක් ලබලා නැති ටේහ්‍යොන්ග් එක පාරටම අප්ප කෙනෙක්ගේ හැගීම දැනෙන්න ගත්තම ටේහ්‍යොන්ගේ පපුව වේගෙන් ගැහුනා...

ගුකීව උස්සලා එහා පැත්තෙ කොට්ටෙ උඩින් ඔලුව තිබ්බ ටේහ්‍යොන්ග් ගුකීගෙ කටත් පිහලා චූටි කම්මුල සියුම්ව සිප ගත්තා... ජන්කුක්ව බලන්න යන්න ඕනෙ උනත් ආයෙත් ගුකීගේ වටේ අත් යවන ගමන් ඉන්නකොට ටේහ්‍යොන්ග්ට මහන්සියටම ආයෙත් නින්ද ගියා...

ඊලග වතාව ටේහ්‍යොන්ග් ඇහැරුනේ තමන්ගේ මූන පුරා මොකක් හරි යනවා වගේ දැනෙනකොට... හෙමීට තමන්ගේ ඇස් ඇරලා බලනකොට ගුකී චූටි ඇස් දෙකත් බෝල කරන් බලන ගම චූටි ඇගිල්ලක් ටේහ්‍යොන්ගේ මූන පුරා යවන ගමන් තිබ්බේ...

"ඔහ්... සමොච්ච ඇහලුනාද..."

හුරතල් බ්‍රෑන්ඩි කටහඩකින් ගුකී අහනකොට එක පාරටම බුරු බුරුස් ගාලා සද්දයක් ඇහුනා..

ගුකී චූටි තොල් උල් කරගන්නකොට ටේහ්‍යොන්ග් ඇස් දෙකත් ලොකු කරලා බැලුවේ සද්දේ ආපු ගුකීගේ බන්ඩිය දිහා..

"ගුකී අපි මොනා හරි කාලා ඉමු , හරිද මැනික..."

"සමොච්ච ඇයි මෙතන ඉල්ලේ... සමොච්චා මාව පපා ගාවට එක්කන් යලවද.. පපා මං නැතුව බය වෙලා ඇති..."

ආයේත් කදුලු පුරෝගන්න ගමන් කතා කරන ගුකීව දැක්කම ටේහ්‍යොන්ගේ හිත ගිනි ගන්නවා වගේ දැනුනා.. අර බට ගොඩක් ගහගෙන මල මිනියක් සමානව ඉන්න ජන්කුක් ගාවට ගුකීව අරන් ගියොත් කොච්චර බයවෙයිද කියලා ටේහ්‍යොන්ග් කල්පනා කරා...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now