ගුකීත් එක්ක ඇවිත් ඒ කැලේ මැධින් විල ගාව්ට ආවම ඒ පරිසරය දැක්කම එදා ජන්කුක් සතුටු උනා වගේම ගුකීත් ගොඩාක් සතුටු උනා කියලා ටේහ්‍යොන්ග් දැක්කා.. දෙන්නත් එක්ක එතන ඉර බැහැගෙන යනවා බැලුවත් ගුකී කෑ ගහගෙන දුවන්න ගත්තමයි ටේහ්‍යොන්ග් විලේ එහා පැත්තට වෙන්න ඉන්න ජන්කුක්ව දැක්කේ...

දුවගෙන දුවගෙන ගිහින් ජන්කුක් එක්ක හුරතල් වෙන ගුකී දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ කදුලු පුරෝගෙන.. ගොඩ කාලෙකින් ගුකී සතුටෙන් හිනා වෙනවා දැක්කා... ඒ පොඩි දරුවට හරියටම ඕනේ වෙලාන් තිබ්බේ මොනවද කියලා ටේහ්‍යොන්ග්ට එවෙලේ තමයි තේරුනේ...

ටිකකින් දෙන්නත් එක්ක කතා කරලා තමන්ගේ පැත්තට එක පාරටම යොමු උන ජන්කුක්ගේ ඇස් දෙක දැක්කම ටේහ්‍යොන්ගේ හිත මොහොතකට ගැස්සුනා...

_____

"ඩ..ඩඩා..."

ජන්කුක් වෙව්වල කටහඩකින් කීවේ ටේහ්‍යොන්ග් දිහා බලාගෙනමයි.. ගුකී දන්නවා දැන්... මෙහෙට පැටලුන සන්කීර්ණ සම්බන්ධතාවයක් තේරුම්ගන්න තරම් ගුකීට තේරුමක් තිබ්බේ නෑ.. ගුකීට තේරිලා තිබ්බ එකම දේ ජන්කුක් එයාගෙ පපා කියලයි , ටේහ්‍යොන් එයාගෙ ඩැඩා කියලයි විතරයි... මමා පපා ඒ ඔක්කොටම ගුකීට හිටියේ ජන්කුක් විතරයි.. ගුකීගේ සුවපහසු ස්තානය උනේ ජන්කුක් විතරයි.. ඒත් ගුකී හේතුවක් නැතුව ටේහ්‍යොන්ග්ට කැමති උනා... සමහර විට ටේහ්‍යොන්ග් එක්ක වාහනේ පදින්න පුලුවන් හින්දා වෙන්න පුලුවන්.. ඒත් මේ ජන්කුක් නොහිටිය කාලේ පුරාවටම ගොඩාක් ආදරෙන් ගුකීව බලාගත්තේ ටේහ්‍යොන්ග්.. ජන්කුක් වෙනුවට ගුකී තුරුල් වෙලා නිදා ගත්තේ ටේහ්‍යොන්ගේ පපුවට.. ඒ එක එක චූටි හිතට දැනෙන හැගීම් හින්දා ගුකී ටේහ්‍යොන්ග්ව ඩැඩා කියන නමින් තමන්ගේ ලෝකෙට ලන් කරන් තිබ්බා...

"ඩඩාආඅ.. එන්න මෙහෙත... "

ගුකී කෑ ගහලා කතා කරත් ටේහ්‍යොන්ග් එතනින් හෙල්ලුනේ නෑ.. ආයෙත් ගුකී කෑ ගහනකොට ටේහ්‍යොන්ග් ටික ටික ඒ පැත්තට ඇවිදගෙන ආවේ හෙමින්... ටේහ්‍යොන්ග්ට දැන් කියන්න කතා කරන්න බෑ.. තමන්ගේ අතින්ම වෙඩි වැදුන කෙනා.. ටේහ්‍යොන්ග් ගොඩාක් නරක විදියටම සලකපු කෙනා.. කිසිම වරදක් නොකර නිකරුනේ සැක කරපු කෙනා .. ඉස්සරහට යන්න ටේහ්‍යොන්ග් බය උනා... හම්බෙන්න හිටියත්, සමාව ගන්න ඕනෙ උනත් එකපාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි උනා ටේහ්‍යොන්ග්ට...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉOpowieści tętniące życiem. Odkryj je teraz