ඒත් ගුකී බැලුවෙවත් නෑ..

"කෑම එපා නම් බබාට වෙන මොනවද ඕනේ..ඕනම දෙයක් කියන්න ගෙනත් දෙන්නම්.."

ඒක ඇහෙනකොටනම් ගුකී යන්තම් හෙල්ලුනා.. කදුලු පිරුනු බෝල ඇස් උස්සලා අර මනුස්සයා දිහා බැලුවා..

"ඇත්තමද.. ඕලෙම දෙයක් දෙනෝද.."

කැඩුනු කට හඩකින් පලවෙනි වතාවට මෙහෙට ගෙනාවට පස්සේ ගුකී ප්‍රතිචාර දුන්නා,

"ඕන දෙයක් කියන්නකෝ.."

අර මනුස්සයා සතුටින් ඇහුවා.. ඒ ක්‍රමේට සාර්ඨ්ඃඅක උන එකට පුදුම වෙන ගමන් ඒ මනුස්සයා ඇහුවා..

"පපාව දෙලෝද මත.. පපා ගුකී නැතුව හුගක් බය වෙලා ඇත්තේ.. මත පපා ඕනෙ.."

චූටි ඇස් වල කදුලු පුරෝගෙන ගුකී කියනකොට , අර මනුස්සයාගෙ පපුවෙත් හීනියට හිරියක් ගියා.. අහින්සක දරුවෙක්ව මෙහෙම තියන එකට ඇත්තටම ඒ මනුස්සයාගෙත් හිතේ වරදකාරී හැගීමක් තිබ්බා.. ඒත් අණට පිටින් යන්න හැකියාවක් තිබ්බේ නෑ..

ඒ මනුස්සයා එහෙමම හැරිලා කාමරෙන් එලියට ආවා.. කවුරුත් ඒ තමන්ගේ මැඩම්ගේ දරුවා කියලා දැනගෙන හිටියෙත් නෑ..

.

.

.

.

.

.

"ජියෝන්ව අස් කරා කියලා මේල් එකක් යවලා, අලුත් සෙකට්‍රි කෙනෙක් ඉන්ටව් කරන්න.."

ටේහ්‍යොන්ග් තාවකාලිකව සෙකට්‍රි විදියට වැඩ කරපු ලේඩිට කීවේ තම්න්ගේ ලැප් එක දිහා බලාගෙනමයි..

"ඒත්.. සර්.."

අර ලේඩි ගොත ගහන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් ලැප් එකෙන් ඇස් දෙක උස්සලා බැලුවා..

"ඇයි උබටත් තව මෙතන වැඩ කරන්න ඕනෙ නැද්ද, මගෙ තීරණ ප්‍රශ්න කරන්නේ.."

දත් මිටි කාගෙන ටේහ්‍යොන්ග් ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්..

"සමාවෙන්න සර්.. මම කරන්නම්.."

ඉක්මනට කියලා එලියට දුවගෙන යන දිහා බලාගෙන ටේහ්‍යොන්ග් ආයෙත් පුටුවෙන් ඉදගත්තා.. තමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ අවුල් කරගෙන පුටුවේ පිටිපස්සට ඔලුව තියාගත්තා.. ජන්කුක් වැඩට එන් නැතුව දවස් තුනක් , ලොකු තරහක් හිතේ තියාගෙන ඒකටත් වයිර කර කර ටේහ්‍යොන්ග් තමන්ගේ දවස ගෙව්වේ ගොඩක් අමාරුවෙන්..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now