"අන්කල් එයාව සැකද.."

"එහෙම සැක කරන්න වරදක් තිබ්බේ නෑ.. මගෙත් එක්කත් හොදට හිටියා , මිස්ටර් කිම්ටත් ගොඩක් හිතවත් , පුතා දන්නවානේ මිස්ටර් කිම් ආවාට ගියාට කාවවත් ගන්නේ නෑ කියලා.."

"එතකොට අන්කල්ට මුකුත් හිතාගන්න බැරිද..."

නම්ජූන් ඇහුවේ ඒ වැඩෙත් වැඩක් නෑ කියලා හිතන ගමන්..

" මන් ගිහින් පරන ඔක්කොම චෙක් කරන්නම් , කරලා ආයෙත් හම්බෙන්න එන්නම් . ඒත් කන්ව හොයාගන්න පුලුවන්නම් වැඩක් වෙයි කියලා මට හිතෙනවා..'

"කන්..?"

"අනිත් ලෝයර්.."

ශින් ඉදන් හිටපු තැනින් නැගිටින ගමන් කීවා..

"මන් ගිහින් එන්නම්.."

නම්ජූන්ට ඔලුව නවලා ආචාර කරන කරන ගමන් කීව ශින් දොරත් ඇරන් එලියට ආවා.. නම්ජූන් අතේ තිබ්බ පෑන මේසේ උඩිත් තියලා ජනේලේ ගාවට ආවා..

"ජියෝන්..ජියෝන්.. උබ මැරිලත් උබේ ඉතුරු එවුනුත් මට කරදරයක් වෙලා .."

අත් දෙක මිටිමොලවන ගමන් කීව නම්ජූන් මාස්ක් එකත් දාගෙන එලියට ආවෙ පෝන් එකත් කනේ තියාගෙන..

-"මාක්.. හිටපු ලෝයර් කන් ගැන ඔක්කොම ඩීටේල්ස් ඕනේ අද හවස් වෙනකොට... ඉන්නවද නැද්ද ඉන්නවානම් මොකද උනේ කොහෙද ඉන්නේ කියලත් ඔක්කොම හොයන්න.."

පෝන් එක කට් කරපු නම්ජූන් එහෙමම කිචන් එකට ගියා.. කෑම හදන ගමන් හිටිය ජින්ගෙත් නලල ඉබලා එලියට ආවේ රෑට එන්නත් පරක්කු වෙනවා කියලා කියාගෙනමයි..

.

.

.

.

ජන්කුක් ගුකීවත් එක්කන් අද රෑ හත විතර වෙනකොට ගෙදරට ආවා.. බයික් එකත් නවත්තල් හෙල්මට් දෙකත් අරගෙන අනිත් අතෙන් සාකුවෙන් යතුරත් අරගෙන දොරට දැම්මත් යතුර දාන ටිකට දොර නිකන්ම තල්ලු උනේ දොර ඇරලා තියෙන්නේ කියලා ජන්කුක්ට තේරුම් කරවන ගමන්... ජන්කුක්ගේ හිත බයෙන් ගැහුනා, හෙල්මට් දෙක දොර ගාවම බිමින් තියපු ජන්කුක් ගුකීව වඩාගෙන තුරුල් කරගත්ත..

"කවුද ඇතුලේ.."

ජන්කුක් හෙමින් ඇහුවා, කිසිම ලයිට් එක්ක්වත් දාලා නැතුව කලුවරේ තිබ්බ හින්දා ජන්කුක් තව ටිකක් බය උනා.. එතනින්ම ලයිට් ටිකත් දාගෙන ඇතුලට එනකොට සම්පූර්ණයෙන් කලු ඇදගත්තු තුන් දෙනෙක් ලිවින් රූම් එකේ හිටගෙන හිටියා.. ජන්කුක් ඇතුලට එනකොටම තුන් දෙනා ඔලුව නැමුවා..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now