කෝල්ඩ් ටේහ්‍යොන්ග් අද ජන්කුක්ගෙන් සමාව ඉල්ලන්නවා.. වෙන්න පුලුවන් දෙයක් නෙවේ... ටේහ්‍යොන්ගෙ රතු පාට ඇස් දෙකේ පසුතැවීමක් එක්ක ලොකු වේදනාවක් තියනවා ජන්කුක් දැක්ක..

" ඉට්ස් ඔකේ.. සර්.. අපි යමු දැන්.."

තවත් මුකුත් නොකීව ජන්කුක් ටේහ්‍යොන්ග් ඇතුලේ ඉද්දිම එලියට ඇවිදගෙන ගියා..

කොරිඩෝ එක කෙලවරේ ඩෝ එකෙන් එලියට යන ජන්කුක්ට පෝල් ඔලුව නවලා ආචාර කරා... ඉයර් බඩ් එකෙන් ජන්කුක් එලියට එනවා කියලා කීව පෝල් ටේහ්‍යොන්ග් බලන්න දුවගෙන ගියා... පෝල් දන්නවා නිශා මැඩම් නැති උන දවසේ ඉදන් ටේහ්‍යොන්ග් විදපු දුක... ආයෙත් ජන්කුක් එක්ක එහෙම ඉන්නකොට පෝල් පුදුම උනත් ටේහ්‍යොන්ගේ කැමත්තට ගරු කරනවා ඇරෙන්න වෙන දෙයක් එයාලට කරන්න බෑ...

ටේහ්‍යොන්ග් ඔලුවට අත් දෙක තියන් කල්පනා කරා.. ටිකක් සැර ඩ්‍රින්ක් අරන් හිටපු හින්දා ටේහ්‍යොන්ග් ලොකු සිහියකින් නෙවේ හිටියේ.. ඒකයි ඒ බොද වෙච්ච ඇස් වලින් තමන්ගෙ නිශාගෙ රූපෙ දැක්කෙ එයා...පෝල් ටේහ්‍යොන්ග්ව වාරු කරන් එලියට එක්කන් ආවා...
.
.
.
.
ඔහේ එලියට ඇවිද ගෙන ආපු ජන්කුක් , ඩ්‍රයිවර් දොර ඇරලා දුන්නම වාහනේට නැග්ගා.. ජන්කුක්ගෙ පපුව අමුතුවට රිදුනා... එදා තමන්ව බදාගෙන හිටපු දවසේ ඉදන් ටේහ්‍යොන්ග් ගාව තමන්ගේ හදවත අමුතු තාලෙකට ගැහෙනවා කියලා ජන්කුක්ට තේරුනා... අද උන දේවල් එක්ක එකින් එක මතක් උන ජන්කුක් දැන් ටික්කට කලින් ටේහ්‍යොන්ගේ තොල් තිබ්බ තමන්ගේ බෙල්ල දිගේ ඇගිලි තුඩු අරන් ගියා... ඒත් .. ඒත් .. ඒ හැමදේම වෙන කෙනෙක් කියලා හිතලා ටේහ්‍යොන්ග් කරපු දේවල්... ජන්කුක්ගෙ ඇස් වල කදුළු අලුත් කරා.. ඒකට ටේහ්‍යොන්ග්ට වැරැද්දක් කියන්න බෑ.. ජන්කුක් අන්තිම වෙනකන්ම සද්ද නැතුව හිටියා... ජන්කුක්ගේ ශරීරය ඒ ස්පර්ශය ප්‍රතික්ශේප කරේ නෑ... ජන්කුක් ප්‍රතික්ශේප කරෙත් නෑ... ටේහ්‍යොන්ගේ කතාව ජන්කුක් නොදන්නවා උනත් , හැන්ගිච්ච කතාව මොකක්ද කියලා ජන්කුක්ට දැනගන්න විදියක් තිබ්බෙ නෑ .. හැමදාමත් වගේ හැමෝගෙම දුක එකතු කරන් ජන්කුක් නිහඩ උනා...

ටේහ්‍යොන්ග් එන්නත් කලින් ජන්කුක්ට වාහනේ ඉස්සරහට යනවා දැනුනා... ඩ්‍රයිවර් දිහා බැලුවත් එයා ඉස්සරහ බලන්ම ඩ්‍රයිව් කරන හින්දා ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවා.. ටේහ්‍යොන්ග් පිටිපස්සෙ තවත් වාහනේකට පෝල්ට වාරු වෙලා නගිනවා.. ඒත්.. ඇයී.. ජන්කුක් එක්ක නොයන්න තරම් ජන්කුක් වැරැද්දක් කරේ නෑ.. ටේහ්‍යොන්ග් ජන්කුක්ට අකමැතිද.. අකමැති වෙන්න ටේහ්‍යොන්ග් කැමති වෙලා හිටියේ නෑ... ආයෙත් ඉස්සරහ බලාගත්තු ජන්කුක් සීට් එකට ඔලුව තියාගෙන ඇස් දෙක තද කරගත්තා... ජන්කුක්ගේ හිත .. ටික ටික ටේහ්‍යොන්ග්ට කැමති වෙන්න පටන් අරන්ද...? බෑ.. නෑ ජන්කුක්ට එහෙම වෙන්න බෑ එයාට .. වගකීමක් තියනවා... ගුකී බලාගන්න තියනවා...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now