Chapter 24.

295 35 33
                                    

මගේ රෝස්...කොහෙද ලමයො ගියේ..දන්නවද අප්පා කොච්චර බය වුනාද කියල ....කෝ එන්න මං ලඟට...

මම පුළුවන් තරම් ඉක්මනට මගේ ප්‍රින්සස්ව මං ලඟට අරං තුරුල් කරගත්තෙ මට ආයෙත් එයාව නැතිවෙයි කියන බයටමයි....

රෝස්..මට කියන්න මම පොඩ්ඩක් එහාට ගිය ගමන්  ඔයා කොහෙද ගියේ...

ඒ පාරනම් මම ඇහුවෙ ටිකක් සැරට..

අප්පාා..මම ..මම මේ..

රෝස් කියන්න නේද කිව්වෙ...කොහෙද මේ ටිකට ගියේ...

අප්පා...මම පපා එක්ක කතා කර කර හිටියෙ ...පපා මං ලඟට ඇවිත් කතා කරා...ඉට පස්සෙ අපි චොකෝ එකක් ගන්න අතන තියන shop එකට ගියා...අප්පා සොරි මම අප්පට කියන්නැතුව ගියාට...

රෝස් ඔයා මාව තරහ ගස්සනවා...මම කොච්චර වත් ඔයාට කියල තියෙනව නේද දන්නැති අයත් එක්ක කතාවට යන්න එපා කියල ...

අනේ..දන්නැති කෙනෙක් වෙන්නෙ කොහොමද අප්පා...ඒ මගේ පපා...ඇයි එදත් අපිට කැෆේ එකේදි හම්බුනේ...

මොකක්ද නම්ජූන් ...ඒයා මෙහෙ...

හරි හරී...රෝස් කෝ දැං එයා...මට කියන්න කොහෙද එයා ඉන්නෙ කියලා...

පපාට call එකක් ආවනේ..මම ඉක්මනට දුවගෙන ආවෙ අප්පාවත් එක්කං යන්න...මම දන්නවනෙ අප්පා එයාගෙ ප්‍රින්සස් නෑ කියල දැනගත්තම කලබල වෙනවා කියල ...ඒකයි මම ආවේ...
අපි දෙන්නම යමුකෝ දැං අප්පා ගාවට...

රෝස්...මැණික..මං කියන දේ අහන්නකෝ...අපිට දැම්මම එයා ගාවට යන්න බෑ...

ඒ ඇයි...යමුකෝ...

රෝස් මං දිහා අහිංසක විදිහට බලලා පපා ලඟට යමු කියල කිව්වත්....කොහොමද ඒක කරන්නෙ රෝස්..එයාට අපි දෙන්නව මතක නෑනේ...කලින් දවසෙත් එයා අපිව දන්නැති විදිහටයි හැසිරුනේ...අදත් එහෙමම කලොත් ඔයාගෙ හිත එදා වගේම කැඩිල යයි රෝස්...ඒක දැන දැනත් කොහොමද මම ඔයාව එයා ලඟට එක්ක යන්නෙ...

ජිනී.....

නම්ජූන් ...එයා මට ජිනී කියලනේද කතා කරේ...එතකොට එයාට මාව මතකද...මට මේ මුකුත් තේරෙන්නෙ නෑ...

අප්පා..අන්න පපා අපි ලඟට ඇවිත්...මම හිත හිත ඉන්න අතර තුරේ රෝස් කෑ ගහගෙන ගිහින් නම්ජූන් ගෙ ඇඟට පැන්නෙ මම මුකුත් හිතාගන්න බැරුව බලන් ඉද්දි...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now