Chapter 21.

190 32 1
                                    

හැමදාම රෝස්ව දාලා යන්න තැනක් මට තිබුනෙ නෑ..නම්ජූන් ගැන විස්තර හොයන්න තව ක්‍රම මුකුත් මගේ ඔලුවට කල්පනා වුනේ නෑ..මොකද මම හොයන්න පුළුවන් හැම තැනකම වගේ ජූන් ගැන හෙව්වා...

ඒ කිසිම තැනකින් මට සෑහීමකට පත් වෙන්න පුළුවන් තොරතුරක් ලැබුණේ නෑ...
ඒ නිසා අද කොහෙවත් නොයා රෝස් එක්ක ගෙදරට වෙලා ඉන්න මම හිතුවා...

රෝස් බබා...මොකද කරන්නෙ...

මුකුත් නෑ අප්පා...මම paint කර කර හිටියෙ ...

මම paint කර කර හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්ම්ම් ... මගේ good girl home work කරනවනේ...

ඔව් අප්පා....මම හිතුවෙ අප්පා අදත් මාව මින්සු ගෙ ගෙදර දාලා යයි කියල ...

අනේ ඇයි එහෙම කියන්නෙ...බබා කැමති නැද්ද අප්පා එක්ක ඉන්න...

එහෙම නෙමෙයි අප්පා...අප්ප මේ දවස් වල බිසී වුන නිසා මම එහෙම හිතුවෙ...

නෑ බබා..අප්පට අද විශේෂ වැඩක් නෑ..අනික හැමදාම ආන්ටිට කරදර කරන්නත් බෑනෙ...ආන්ටිට මාර්කට් යන්න විදිහක්වත් නෑ ඔයාලා එක්ක...

එහෙම දෙයක් නෑ පපා...එදා දවසම මින්සුගෙ අප්පත් ගෙදර හිටියා..හදිස්සියෙම hospital එකෙන් call එකක් අපු නිසයි එයා ගියේ...

ඔව් පැටියෝ...එයා doctor කෙනෙක්නෙ...කාටහරි අනතුරක් වෙලා ඇති...

එහෙනම් ඔයා දිගටම ඕක කරන්න මම ඔයාට lunch ලෑස්ති කරන්න යනවා...

අප්පා මාත් එනවා...

ආා..හරි එහෙනම් අපි දෙන්නම යමු lunch ලෑස්ති කරන්න...

මින්සුගෙ අප්පා city hospital එකේ doctor කෙනෙක් කියල නේද mr jeon මට කිව්වෙ...එදා අපේ ඇක්සිඩන්ට් එක වෙච්ච දවසෙ ජූන්ගෙ බොඩී එකත් hospital එකට එව්ව කියල තමයි මාත් එක්ක doctor කිව්වෙ...ඒ doctor ව හම්බු වෙන්න ගියානම් මට විස්තරයක් හොයාගන්න තිබ්බා...
මම අන්තිම උත්සාහය විදිහට hospital එකට ගිහින් doctor එක්ක කතා කරන්න තීරණය කලා...
රෝස්ව තියල යන්න තැනක් තිබ්බෙ නෑ..පරක්කු නොකර මම හවසම hospital එකට ගියා රෝස්වත් එක්කන්ම...

ඒ doctor ටිකක් වයසක කෙනෙක් එයා දැන් ඉඳීද නැද්ද කියන සැකෙත් මගේ හිතේ නොතිබ්බම නෙමෙයි..ඒ හැම දෙයක්ම දැනගන්න මම hospital එකට ගියා...මගේ සැකය ඇත්තක් කරලා රිසෙප්ශන් එකෙන් මට කිව්වා ඒ doctor මීට අවුරුදු 2 කට කලින් අයින් වුනා කියල ...

ඒත් මට එයාලගෙන් doctor දැන් ඉන්න තැන ගැන විස්තරයක් දැනගන්න පුළුවන් වුනා...ගොඩක්ම රෑ වෙලත් නැති නිසා මම ⁣ doctor ගෙ ගෙදරටම ගිහින් කතා ක⁣රනව කියල හිතාගත්තෙ doctor නැවතිලා ඉන්න තැන hospital එකේ ඉඳල ගොඩක් දුරක නෙමෙයි නිසා....

රෝස්ට මහන්සි පාටයි...

බබා...ඉක්මනට ගෙදර යමු අපි..තව පොඩ්ඩ වෙලාවක් දෙන්න අප්පට...

Doctor නැවතිලා හිටියෙ hospital එක ලඟම appartement එකක...මම වා⁣හනෙන් බැහැල රෝස් වත් වඩාගෙන doctor ගෙ ගෙදර ගාවට ගිහින් බෙල් කරා...ටික වෙලාවක් ගියත් කවුරුත් ආවෙ නෑ...මම ආයෙමත් බෙල් කරාම කෙනෙක් ඇවිත් දොර ඇරියා...අවුරුදු 5 ක් ගෙවිල ගියත් දැක්ක ගමන්ම මට doctor ව අඳුර ගන්න පුළුවන් වුනා...එක පාරටම බැරි වුනත් ටික වෙලාවක් මං දිහා බලං හිටපු doctor ගෙ මූනෙ වෙනස් වෙන ඉරියව් වලින් doctor මාවත් අඳුර ගත්තා කියල මට තේරුම් ගන්න පුළුවන් වුනා ...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now