Chapter 16.

158 31 1
                                    

කිම් සොක් ජින්...තමුන් කොහෙ යනව කියල හිතන්ද යන්නෙ..ඔහොම නවතිනවා...

ඔම්මා..

කවුද මමද ඔම්මා..මම තමුන්ගෙ ඔම්මද..මගේ දරුවව මරාගෙන දැං තව අපේ ගෙදරටම ඇවිල්ල මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නෙ...

ඔම්මා කතාකරනකොට මට කරන්න පුළුවන් වුන එකම ටද් එයා කිය⁣න දේවල් අහං ඉන්න එක විතරයි...

නම්ජූන් එයාගෙ පුතා..එකම පුතා..ඒ දෙන්න කොච්චර තරහ වුනත් දරුවෙක් නැතිවුනාම අම්මට දැනෙන වේදනාව මට හිතාගන්න පුළුවන් වුන නිසා...ඒ ඇස් වලින් දුකකටත් වඩා මම දැක්කෙ ලොකු තරහක්...ඒ තරහෙන් මාව පිච්චිලා යනවා වගේ මට දැනුනා...

අන්තිමට මම තීරණය කරා ජූන්ව නොබලම අපහු ගෙදර යන්න...

කාත් කවුරුවත්ම නැතුව දරුවෙක් එක්ක මේ ලෝකෙ තනිවෙච්ච මට කරන්න පුළුවන් දේවල් ගැන මම හිතන්න පටන් ගත්තා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

කාත් කවුරුවත්ම නැතුව දරුවෙක් එක්ක මේ ලෝකෙ තනිවෙච්ච මට කරන්න පුළුවන් දේවල් ගැන මම හිතන්න පටන් ගත්තා...මට රස්වක් නෑ..මම මගේ දරුවව හදාගන්නෙ කොහොමද කියන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා...

නම්ජූන් ගෙ සල්ලි දේපල ගැන මම මුකුත් හිතුවෙ නෑ..හොස්පිටල් එකේ ඉඳල මම ආයෙ අපි දෙන්න හිටපු ජුන් ගෙ appartement එකට එන්නැතුව මමයි හැල්මොනී ජීවත් වුන පොඩි ගෙදරට ආවා...

ගොඩක් ඉක්මනට අපේ ප්‍රින්සස් රෝස් මම ලඟට ආවා..එයා බැලූබැල්මටම මම වගේ...ඒත් එයාගෙ හැම දෙයක්ම මට එයාගෙ පපාව මතක් කරල දුන්නා..එයා ඉපඳුනේ මට ජීවත් වෙන්න බලාපොරොත්තුවකුත් අරගෙන...

මුල් කාලෙ මට එයාව බලාගන්න තරම් වත්කමක් තිබ්බෙ නෑ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

මුල් කාලෙ මට එයාව බලාගන්න තරම් වත්කමක් තිබ්බෙ නෑ..අපේ මැරේජ් එක නිසා මම පස්සට දාල තිබ්බ ඩිග්‍රී එක complete කරන්න මට අවුරුද්දක්ම තිබ්බා...මම ඉතුරු කරල තිබ්බ සල්ලි ටික පරිස්සමෙන් වියදම් කරගෙන මම ඩිග්‍රී එක ඉවර කරනව කියල හිතාගත්තා..දරුවත් එක්ක ඉගෙන වැඩ කරන්න කොච්චර අමාරු වුනත් මගේ හිත හැමවෙලේම කිව්වෙ..ජින් මේක ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව..දරුවව හොඳින් බලාගන්න ඕනෙනම් මේක කරන්න කියල ....

ටිකක කලක් යනකොට දරුවත් එක්ක college යන එක අපහසු වුන නිසා මම ගෙදර ඉඳල පාඩම් කරල digree එක complete කරන්න හිතාගත්තා..

College එකටම අයිති වෙච්ච pre school එකක ලමයින්ට උගන්නන මට chance එකක් ලැබුන නිසා මට ඒ සල්ලි වලින් දරුවව බලාගෙන මගේ වැඩටික කරගන්න පුළුවන් වුනා...

අපේ රෝස්ට අවුරුදු දෙක ලබන්නත් කලින්මමම digree එක complete කරා...මේ දවස් වල මට ඉගෙනීමෙ තියන වටිනාකම ගැන හොඳටම තේරිලා තිබ්බෙ..මම හිතාගත්තා මොනම හේතුවක් මතවත් රෝස්ට එයාගෙ අද්‍යාපනය මගින් නවත්තන්න දෙන්නෙ නෑ කියල ...

හොඳ class එකක් එක්ක digree එක complete කරපු නිසා මට ⁣හොඳ සැලරි එකකට මම ඉගන ගත්ත college එකේම teaching ලැබුනා...

ජොබ් එක ලැබුනගමන් මම කලේ අපේ පරණ ගේ විකුනල college එකට ලඟින් appartement එකක් ගත්ත එකයි..අපේ හැම පරණ මතකයක්ම ඒ ගේ ඇතුලෙ සදහටම හිරකරල දාලා අපි අලුතෙන් ලස්සනට ජීවත් වෙන්න පටන් ගත්තා...එදා ඉඳල අද වෙනකං අපි අපිදෙන්නව බලාගෙන සතුටින් ජීවත් වෙනවා..ජූන් නැතුව අසම්පූර්ණ වුන මගේ ජීවිතේ මගේ රෝස් ගොඩක් ලස්සන කලා..ඒත් ජූන් ඔයා නැති අඩුව හැමදාටම මගේ ලඟ තියෙයි...මම රෝස්ගෙ හැමවගකීමකින්ම නිදහස් වෙන දවසක් එයි ජුනී..එදාට මම අනිවාර්යයෙන්ම ඔයා ලඟට එන්නම්.....අහස දිහා බලාගෙන මම දිගටම අපේ අතීතය මතක් කරා...රෑ ගෙවිලා ගියේ මගේ මතක ගොඩක මාව තනිකරල දාලා....

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Opowieści tętniące życiem. Odkryj je teraz