මම මුලු රෑම ඇඬුවා..ගොඩක් ඇඬුවා..ඇස් රිදෙනකං ඇඬුවා..
පහුවදා මම school යන්න හිතාගත්තෙ නම්ජූන් ගැන විස්තරයක් එයාගෙ යාලුවන්ගෙන් හරි අහල දැනගන්න ...මම රෑ ගත්ත එක call එකක් වත් එයා ආන්සර් කරේ නෑ..මට බය හිතුනා..සමහරවිට මේ වෙනකොටත් එයාගෙ ඔම්මා එයාව කොරියාවලින් යවල ඇති...මගේ හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් දඟලනකොට ඒ හැමදේකටම උත්තර හොයාගන්න මට තිබ්බ ක්‍රමය school යන එක විතරයි ..මම නම්ජූන් ගෙ ක්ලාස් එකටත් ගියා..canteen එකේ stedium එකේ එයාව හොයන්න පුළුවන් හැම තැනකම මම හෙව්වා..එයා හිටියෙ නෑ..එයා කොහෙවත්ම හිටියෙ නෑ..
මේ හැමවේදනාවක්ම මට තනියෙන්ම දරාගන්න වුනා..මට මේ දේවල් කියන්න වෙන කවුරුත්ම හිටියෙ නෑ..
මගේ හැමදේකටම හිටිය කුකියි හොබියි ස්ටඩීස් වලට කැනඩා ගිය නිසා මට මේ දේවල් කියල හිත නිදහස් කරගන්න කවුරුත්ම හිටියෙ නෑ...බේබි...
නම්ජූන් ...ඔයා...
මම හීනෙකින්වත් හිතුව නැතිවිදිහට නම්ජූන් මට කතාකරනව ඇහුනම මම මුලින් මාවම කොනිත්තලා බැලුවෙ මේක හිනයක්ද කියලා...
නෑ..එයා ඇත්තටම ඇවිල්ලා..මට මම ඉන්නෙ school එකේ කියලත් අමතක වෙනකොට මම පුළුවන් තරම් ඉක්මනින් දුවගෙන ගිහින් නම්ජූන් ව බදාගත්තෙ එයා මාව දාලා යයි කියන බයටමයි...
මම ගොඩක් වෙලා එයාගෙ තුරුලට වෙලා හිටියා..
ජිනී..දැං ඇඬුවා ඇති බබා..කෝ බලන්න මගේ දිහා..දැං ඇති..බලන්න ඔයාගෙ ඇසුත් ඉඳිමිලා...
නම්ජූන් කොච්චර කතා කරත් මට එයාගෙ තුරුලෙන් අයින් වුනේ නෑ..මම එයාව දතින්ම බදාගෙන හිටියා..
නම්ජූන්..අනිත් අය කරාවගේ ඔයත් මාව දාලා යනවද??....මම නම්ජූන් ගෙ තුරුලෙ ඉඳලම ඇහුවා..
YOU ARE READING
♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡
Fanfiction"මේක මම බලාපොරොත්තු වුන ජීවිතේ නෙමෙයි ජුනී ඔයා නැතුව අපේ ජීවිත අසම්පූර්ණයි..මට ඔයාව ඕනෙ..අපේ දරුවට එයාගෙ පපාගෙ ආදරේ ඕනෙ.."