Chapter 02.

200 42 8
                                    

රෝස් නැගිටින්න අපිට school යන්න පරක්කු වෙනවා දරුවො..දැනටමත් පරක්කුයි..

අනේ අප්පා රෝස්ට තව චුට්ට වෙලාක් නිදාගන්න ඕනෙ..

බෑ බෑ..පැටියො අපි දැං යන්න ඕනෙ..ඔයා පරක්කුවෙලා school ගියොත් ඔයාට punishment ලැබෙයි..අප්පනං එන්නෙ නෑ එතකොට ප්‍රින්සස්ව බේරෙගන්න.

දාහක් දේවල් කියල රෝස්ව නැගිට්ටලා එයාව ලෑස්ති කරගත්තෙ අද මමත් ටිකක් කලින් school එකේ ඉන්න ඕන නිසා.

මම රෝස්ගෙම school එකේ senior class වල ලමයින්ගෙ lecturer කෙනෙක්..පරක්කුවෙලා school යන ලමයින්ට punish කරන ගුරුවරුම school එකට පරක්කුවෙලා යන එක හොඳ වැඩක් නෙමෙයි කියල මට තේරුනත් රෝස්ගෙ මේ වැඩ නිසා ගොඩක් දවස් වලට අපි දෙන්නට school යන්න වෙලා තියෙන්නේ gate එක වැහුවටත් පස්සෙ.

අද ටිකක් වේලාසනින්ම school එකට එන්න පුළුවන් වුන නිසා මම රෝස්ව එයාගෙ class එකටම එක්කං ගිහිල්ල දාලා ආයෙත් මගේ class එකට ආවා..

මගේ class එක ⁣මේ school එකේ දඟම ලමයි ඉන්න class වලින් එකක් කිව්වොත් මම වැරදි නෑ..මොකද මම class එකට යනකොටම මට musical show එකක හැඟීමක් දැනුනා..එයාලා හැමදාම පරක්කුවෙලා class එකට එන ජින් sir ව මේ වෙලාවෙ බලාපොරොත්තු වුනේ නෑ කියල එයාලා මාව දැක්කම මූනු වෙනස් වුන විදිහ⁣ට මට තේරුනා..

ලමයින්ගෙ මේ වැඩ මට ගානක් වුනේ නෑ..කොච්චර දඟකරත් මගේ ලමයි හොඳට වැඩ කරන නිසා..මම ගොඩක් සැර ගුරුවරයෙක් නෙමෙයි..ඒත් මට එයාලව ගොඩක් හොඳට පාලනය කරන්න පුළුවන් කියන එක ගැන මට විශ්වාසයි..මට අවුරුදු 5ක ලමයෙක් හිටියට තවම වයස 26 යි..තරුණ ලමයිව මට ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් ..ඒ නිසා එයාල මාත් එක්ක ගොඩක් එකතුයි..

වෙනද වගේම වැඩ ටික එකින් එක ඉවර වුනා..ලමයින්ගෙ exam ලඟ නිසා එයාලට මම extra classes දැම්මා school time එකෙන් පස්සෙ..ඒ නිසා ම⁣ට 4 වෙනකල් school එකේ ඉන්න වෙනවා..මේ වගේ දවස් වලට රෝස් මම එනකල් staff room එකට වෙලා එයාගෙ home work කරන්න පුරුදු වෙලා හිටියා..එච්චර වෙලාවක් දරුවට ඉන්න අමාරු බව දන්නව වුනත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ..අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්න විතරයි ඒ නිසා රෝස්ව ගෙදර ගෙනිහින් බලාගන්න කෙනෙක් හිටියෙ නෑ..මොන අමාරු කම් තිබ්බත් මේ රස්සාව පරිස්සම් කරගන්න ඕන නිසා මට ඉවසන්න වුනා..

මම පුළුවන් තරම් ඉක්මනට lectures ඉවර කරල staffroom එකට යනකොට රෝස්ට table එක උඩම නින්ද ගිහින් තිබ්බා..මේ දේවල් දකිනකොට මට ලොකු දුකක් දැනුනත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ...

රෝස්ව නැගිට්ටවන්නෙ නැතුව හෙමීට වඩාගෙන ගිහින් car එකින් තියල මගක් දුර යනකොට රෝස් නැගිටල පුදුමෙන් වගේ මගේ දිහා බලං ඉන්නව මම දැක්කා..

ප්‍රින්සස් ඔයා නැගිට්ටද??..

මම ඒ ඇහුවත් එයා තාම නින්දෙන් වගේ..

අප්පාා..මම staffroom එකේනෙ හිටියෙ..දැන් car එකේනෙ...මැජික්

මේ ලමයගෙ හුරතල් කතා නිසා මටත් හිනා..

පැටියො ඔයාට හොඳටම නින්ද ගිහින් හිටියෙ..ඒක නිසා අප්පට නැගිට්ටන්න දුක හිතුනා..

ආා..ඒක තමයි..අප්පා..අප්පට උදේට මාව නැගිට්ටනකොට දුක නැද්ද?? කියල ඇහුවෙ හයියෙන් හිනා වෙන ගමන්

රෝස්ගෙ මේ පණ්ඩිත කතා මට හැමවෙලේම මගේ ජූන්ව මතක් කරල දුන්නා..

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now