Chapter 20.

186 37 4
                                    

මේ school එකේ නිවාඩු කාලෙ නිසා මට මේ දේ ගැන හොයන්න ඕනාවටත් වඩා වෙලාව තිබ්බා...මුලින්ම මම යන්න තීරණය කලේ අපේ ඇක්සිඩන්ට් එක වෙච්ච බීච් සයිඩ් එකට..එතනට යන එක කොච්චර අමාරු දෙයක් වුනත් එතනට නොයා කිසිදියක් හොයාගන්න මට බෑ...අමාරුවෙන් වුනත් එතනට ගියාම මට එදා රෑ වෙච්ච දේවල් මැවි මැවී පේන්න ගත්තා...

අමාරුවෙන් වුනත් එතනට ගියාම මට එදා රෑ වෙච්ච දේවල් මැවි මැවී පේන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට මෙහෙම දුර්වලයෙක් වෙන්න බෑ..ඔයා ඔහොම දුර්වල උනොත් ඔයාට කවදාවත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නෑ ජින්..මම මගේ හිත එක්ක ෆයිට් කරල කොහොම හරි මට අවශ්‍යය විස්තර හොයාගන්නව කියන තැනට පත්කරගත්තා....

කාර් පාක් එක ලඟ cctv පේන්න තිබුනෙ නෑ...ඒත් ඊට ටිකක් ලඟින් තිබුන color lights ලඟ කැමරාස් තියනවා මම දැක්කා...

මම එතනට කිට්ටුම ට්‍රැෆික් පොලිස් ස්ටේශන් එකෙන් ගිහින් cctv ෆුටේජස් ඉල්ලුවෙ අවුරුදු 5 කට කලින් ⁣ෆුටේඩජස් තියෙයිද කියල ලොකු සැකේකින්...

ඒත් මම විස්තරේ කිව්වම එතන හිටපු කෙනා මාව ෆුටේජස් පෙන්නන්න එයාලගෙ කන්ට්‍රෝල් ඩිවිශන් එකට එක්ක ගියෙ මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති කරලා....

අවුරුදු 5 කට කලින් රෙකෝඩ්ස් වල ඒ ඩේට් එක චෙක් කරාම එදා මුකුත්ම රෙකෝඩ් වෙලා තිබ්බෙ නෑ...සම්පූර්ණයෙන් එදා ඩේට් එකේ රෙකෝඩින් හිස්...

සමාවෙන්න සර්..මම හිතන්නෙ අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් ..අනික ගොඩක් පරන video නිසා මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක්...

එයා එහෙම කිව්වත් මට ඒක ගැන ලොකු සැකයක් තිබුනා...

එහෙම කොහොමද නැති වෙන්නෙ සර්...එදා බීච් සයිඩ් එකේ ලොකු ඇක්සිඩන්ට් එකක් වුනා..ඒ වගේ දවසක දේයක් නැතිවෙන්න බෑ සර්...අපි ආයෙත් ටිකක් චෙක් කරමුද..මට මේ විස්තර ගොඩක් වැදගත්....

එකපාරක් කිව්වනෙ...මෙතන ඒ දවසෙ   රෙකෝඩින් නෑ..දැන් මහත්තයට යන්න පුළුවන් මෙතනින් ...

මම ආයෙ ආයෙම කිව්වත් ඒවා ගානකටවත් නොගෙන එයාලා මාව එතනින් යැව්වා...

පොලිස් රිපෝට් cctv රෙකෝඩ්ස් ගැන මට කිසිම දෙයක් හොයාගන්න බැරි වුනා...එයාලා මට කිසිම විස්තරයක් දුන්නෙ නෑ...මම ⁣එයාගෙ හස්බන්..ඇයි කවුරුත් මට කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ...
මම අපි දෙන්න හිටපු appartement එකට ගියත් මට එතනිනුත් සෑහීමකට පත් වෙන්න පුළුවන් තොරතුරක් ලැබුනෙ නෑ...ඒ හැමෝම මට බැන්නා අවුරුදු 5 කට කලින් මැරිච්ච කෙනෙක් ගැන හොයල කාලෙ නාස්ති කරන්න එපා කියල ...ඒත් පිටින් බලන කෙනෙක්ට මම කරන දේ කාලය නාස්ති කිරීමක් වගේ පෙනුනට මම හොයන්නෙ මගෙයි රෝස් බබාගෙයි මුලු  ලෝකෙම ගැන...
ජූන් ඔයා ඇත්තටම අපිව දාලා ගිහින්ද..අර කෙනයි ඔයයි දෙන්නෙක්ද..නැත්තම් ඒ ඔයාද...ඒ ඔයානම් ඇයි මං ලඟට එන්නෙ නැත්තෙ...

පාරෙ යන අය අමුතු විදිහට බලනකොට තමයි මට මතක් වුනේ මම ඉන්නෙ අඬන්න සුදුසු තැනක නෙමෙයි කියල...තව දේවල් හොයන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නෑ...රෝස්ව යාලුවෙක්ගෙ ගෙදර දාලා ආපු නිසා එයාව රෑ වෙන්න කලින් ගන්න මම ඉක්මන් කරල ගියා....

මාව දැක්ක ගමන් රෝස් දුවගෙන ඇවිල්ලා මගේ ඇඟේ ඉල්ලුනා..බැලූ බැල්මටම කියන්න පුළුවන් එයා අද ගොඩක් සතුටින් කියල....

බැලූ බැල්මටම කියන්න පුළුවන් එයා අද ගොඩක් සතුටින් කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප්පා...අද මම ගොඩක් සෙල්ලම් කරා මින්සූ එක්ක...අපි දෙන්නා choco ice cream දෙකක්ම කෑවත් එක්ක..මාකට් ගිය වෙලා...

රෝස් බබා මාර්කට් ගියාද??..

රෝස්ගෙ අප්පා..අද ම⁣ට පොඩ්ඩකට මේ⁣ දෙන්නව මාර්කට් අරං යන්න වුනා...මට අවශ්‍යම වුන බඩු ටිකක් ගන්න...මෙයාගෙ අප්පවත් හිටියෙ නෑ මෙයාලව ගෙදර යන්න..එයාට city hospital එකට අලුතෙන් පත්වීම හම්බුනානෙ..කොයි වෙලෙත් ගෙදර නෑ....

එකට කමක් නෑ mrs jeon..රෝස්ව බලාගත්තට ගොඩක් ස්තූතියි..ඇත්තටම මෙයාව දාලා යන්න වෙන තැනක් නෑ මට..ඔයා කලේ ලොකු උදව්වක් මට....

රෝස් ...ආන්ටිටයි යාලුවටයි බායි කියන්න...

එහෙනම් අපි ගිහින් එන්නම් mrs jeon ...

රෝස්වත් එක්කං mrs jeon ලගෙ ගෙදරින් ආපු අපි දෙන්නා ඉක්මනින් ගෙදර ගියා...රෝස් මගෙන් පපා ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ..මම හිතන්නෙ එයාට ඒ සිද්දිය අමතක වෙන්න ඇති....

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now