Chapter 19.

178 37 2
                                    

ඊයෙ coffee shop එක ලඟදි දැක්ක කෙනා මගේ ජූන් වගේමයි...කිසිම වෙනසක් නෑ..ඊටත් එයාගෙ නමත් kim නම්ජූන් ..මගේ හිතට මේක ලොකු ප්‍රශ්නයක් ...බැරි වෙලාවත් ඒ කෙනා මගේ ජූන් නං...ඒක වෙන්න පුළුවන් ද...

ඒත් මම ඒ කෙනා ගැන හරියටම හොයල බලනකන් මගේ හිතට කිසිම සැනසීමක් දැනෙන එකක් නෑ.. මම එයාගෙ නම විතරයි දන්නෙ..එයා ඉන්න තැනක්..එයා කවුද මොනාද කරන්නෙ කියලවත් මම දන්නෙ නෑ...ඒත් මට එයා ගැන හොයන්නම ඕනෙ..

මම මේ කරන්නෙ අනවශ්‍ය දෙයක් ගැන හිතන්න කාලය වැය කරන එකද...

ඊයෙ හවස වෙච්ච දේවල් නිසා රෝස් බබා ඉන්නෙ පොඩ්ඩක්වත් හොඳින් නෙමෙයි...මම එයාට park යන්න කතා කලත් එයා ඒක බොරු හේතු කියල මග ඇරියා...වෙනදට park එක්කන් යන්න කියල මාත් එක්ක වාද කරන රෝස් අද හරිම නිහඬයි..පුංචි ලමයින්ට මේ වගේ දේවල් ගොඩක් බලපානවා..

මම මොකක්ද කරනෙ ප්‍රින්සස්..මට ඔයා⁣ගෙ පපාව ඔයාට ගෙනල්ල දෙන්න විදිහක් නෑ....මොකක් හරි ක්‍රමේකින් එයාව ගෙනල්ල දෙන්න පුළුවන් වුනානම් ඔයාගෙ අප්පා අනිවාර්යයෙන්ම ඒක කරනවා..මේ වෙලාවෙ ඔයාගෙ අප්පා ගොඩක් අසරණයි ..අපි ඉවසමු ප්‍රින්සස්...අපි ඉවසමු...

රෝස්ව ගෙදර තියල මම market එකට ගියෙ ගෙදරට ඕන බඩු ටිකක් ගේන්නයි..අද අප්සට් වෙලා තිබ්බ එයාගෙ mood එක හදන්න එයා ආසම කෑමකට ඕන බඩු ටික ගන්න...

පැය ගානක් ඇවිදලා මාර්කට් එකෙන් අවශ්‍ය බඩු ටික අරගෙන මම car එක ලඟට යනකොට මම දැක්ක දේ නිසා මගේ හිතට ලොකු දුකක් දැනුනා...ඒක තේරුමක් නැති දුකක්...අයිකියක් නැතිව මම බලෙන් ඇති කරගත්ත දුකක්....

ඊයෙ හවස අපිට හම්බුන නම්ජූන් වගේ අනිත් කෙනා car එකේ girl කෙනෙක් එක්ක ඉන්න⁣වා..ඒ දෙන්නා හරිම ආදරෙන් කතා කර කර ඉන්නව වගේ තමයි පෙනුනෙ..මට ජූන් වගේ කෙනාව පෙනුන් නැතත් girl ගෙ මූන නම් හොඳට පෙනුනා..ඒ මූනෙ ජූන් ගැන යාලුකමකට වඩා ⁣වෙනස් හැඟීමක් මම දැක්කා...

ඒ මූනෙ ජූන් ගැන යාලුකමකට වඩා ⁣වෙනස් හැඟීමක් මම දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇයි මම මේ දුක්වෙන්නේ..ඒ මගේ ජූන් නෙමෙයි..ඒ වෙන කෙනෙක්..එක පාරක් විතරක් දැක්ක එයා නිසා ඇයි මම මේ දුක්වෙන්නෙ...එහෙම කරන්න මට අයිතියක් නෑ..ඒ හැම දෙයක්ම දැන දැනත් මගේ හිතෙන් උඩට එන දුකයි ඉරිසියාවයි පාලනය කරගන්න මට ලේසි වුනේ නෑ...

ඇයි ඒ කෙනා ඉස්සරහ මගේ හිත මෙච්චර දුර්වල වෙන්නෙ..ඒ පෙනුම නිසාද..මගේ දරුවට පපා ඕනෙ නිසාද?..එහෙමයි කියල මට තව කෙනෙක්ගෙ ජීවිතේට ඇඟිලි ගහන්න අයිතියක් නෑ...මම මේ කරන්න හදන්නෙ වැරැද්දක්ද?..ඒත් මේ ජූන් වගේ කෙනා ගැන හොයන්නැතුවත් බෑ....මට දැනෙන්නෙම මේ මගේ ජූන් කියල ...මට ඒක තහවුරු කරගන්නම ඕනෙ..

මම එයා ගැන හොයනව වෙනුවට මගේ ජූන් ගෙ මරනෙ ගැන විස්තර හොයන්න පටන් ගත්තා..මට තිබ්බ සුදුසුම ක්‍රමේ ඒක..ඇක්සිඩන්ට් එක වෙච්ච තැන cctv records..ඇක්සිඩන්ට් එකට සම්බන්ධ police report වගේ හැම දෙයක්ම මම හොයන්න හිතාගත්තා..මේ දේවල් කිසිම දෙයක් ගැන මීට කලින් පොඩ්ඩක්වත් මම අවදානය දීල තිබ්බෙ නෑ...ඒක මම කරපු වැරැද්දක්ද කියන ප්‍රශ්නෙ මේ දවස් වල මගේ හිතට ගොඩක් වද දුන්නා...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now