Chapter 17.

158 32 0
                                    

තවත් අලුත් දවසක්...
ඊයෙ රෑ ගොඩක් වෙලා ඇහැරිලා හිටපු නිසා මට තවත් නිදිමතයි...රෝස් නම් සැපට නිදි...මම ගිහින් නැගිට්ටුවෙ නැත්තම් දවල්ටවත් නැගිටින්නෙ නෑ මගේ ප්‍රින්සස්...මම breakfast ලෑස්ති කරල රෝස්ව නැගිට්ටනකොට උදේ 9ත් පහුවෙලා...නිවාඩු කාලෙ පටං ගත්ත විතරයි නිසා මම රෝස්ව උදෙන්ම නැගිට්ටන්නෙ නෑ..මොකද එයා මේ ලෝකෙ මට පස්සෙ වැඩිපුරම ආදරේ නින්දට...

මොකද එයා මේ ලෝකෙ මට පස්සෙ වැඩිපුරම ආදරේ නින්දට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෝස්..දැං නැගිටින්න...බබා දැන්නං දවල් වෙන්නත් ලඟයි..

අනේ...අප්පා..තව චුට්ටක් විතරක් නිදාගන්න දෙන්නකූ...

බෑ බෑ..දැං නම් නිදාගත්තා ඇති..කෝ නැගිටින්න..මම ඔයාට රාමේන් හැදුවා...නිවෙන්න කලින් කන්න ඕනෙනම් නැගිටින්න....

ආාාාාාාාාාාාා...අප්පා..කෝ ඉතිං එහාට යන්න..මම නැගිටින්නම්...තව ටිකක් පහුවෙලා ඔයාට breakfast හදන්න තිබ්බනේ...

අනේ අනේ කම්මැලි ලමයෝ....කෝ දැං ගිහින් ඉක්මනින් බ්‍රශ් කරන් එන්න...අප්පට පොඩි වැඩකට college එකට යන්නත් තියෙනවා ...

රෝස් නැගිටල wash දාන්න ගිය අතරේ මම එයාගෙ කෑම එක ලෑස්ති කරල table එකෙන් තිබ්බා...

එයාගෙ favorite රාමේන් එක හරිම ඉක්මනට කට පුරාම ගාගෙන කන්නෙ ඒක කවුරු හරි උදුරන් යයි කියන බයට වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ favorite රාමේන් එක හරිම ඉක්මනට කට පුරාම ගාගෙන කන්නෙ ඒක කවුරු හරි උදුරන් යයි කියන බයට වගේ..මගේ හුරතල් කෙල්ල කෑම කන ගමන් හොරාට මගේ දිහා බල බල හිනා වෙනවා....
අපි දෙන්නා breakfast අරං college එකට ගියෙ මට පොඩි වැඩ වගයක් කරගන්න තියන නිසා...car එකේ යනකම්ම රෝස් එක එක කතා කියනවා..එයාගෙ වැඩ නිසා මට කොයිම වෙලාවකවත් පාලුවක්නම් දැනෙන්නෙ නෑ...

රෝස්ව පුරුදු විදිහටම staffroom එකේ තියල  මම මගේ වැඩේ කරගන්න ගියා...හිතුවට වඩා වැඩි වෙලාවක් වැඩිපුර ගිය නිසා   අපි දෙන්න ගෙදර යනකොට ටිකක් හවස් වුනා...එයා පාක් යන්න ඕනෙ කියල බලකරත් හැමදාම එයාව පාක් එකට හුරු කර⁣ගත්තොත් මටම තමයි කරදරේ..ඒ නිසා මම යන්න බෑ කිව්වා...

එකක් බෑ කිව්වම තව දෙයක් ඉල්ලනවා..රෝස්ගෙ ඉල්ලීම් වලනම් අඩුවක් නෑ...

අප්පා... රෝස්⁣ට ආයෙමත් බඩගිනි වෙලා...

දැන් චුට්ටකට කලින් නෙ බබා අපි ලන්ච් ගත්තෙ..
ආයෙත්...

අයියෝ..නෑ අප්පා එහෙම බඩගින්නක් නෙමෙයි..මේක ice cream බඩගින්නක්..චූටි බබාලට එක එක විදිහෙ බඩගිනි එනවනේ..මේකත් ඒ වගේ එකක්...තේරෙන්නෙ නැද්ද අනේ...

රෝස් කටත් උල් ක⁣රගෙන අත පය එහෙට මෙහෙට දදා මට කියනකොට බෑ කියල කියන්න මට දුක හිතුනා....

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now