❤️ අටවන දිගහැරීම 💚

Depuis le début
                                    

අනෙක් දෙදෙනාට එම වාහනය හදුනා ගැනීමට නොහැකී වූ නමුත් යීබෝටනම් එය හදුනා ගැනීමට අපහසු වූයේ නැත.. ඒ මින් දිනකට ඉහතදී තමා බංගලාව් සිට නිවස බලා ගමන් ගත් ශියාඕ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයාගේ මෝටර් රතයයි...වාහනය ඔවුන්  තිදෙනාව පසුකරගෙන ඉදිරියට ඇදීගිය අතර .. බින් ,

කාගෙද බං ඒ වාහනේ... යැයි විමසීය.

" ඒ බංගලාවෙ ඉන්න චූටි මහත්තයාගේ වාහනේ... මම හිතන්නෙ ලොකු නෝනව ඉස්කෝලෙට දාන්න යන්න ඇත්තෙ.."

ලොකු නෝනා... ඉස්කෝලෙ යනවා.... මොකාක්...
බින් පුදුමයෙන් ඇසුවේ... යීබෝ පැවසූ දේහි අර්තය නොවැටහුනු නිසාවෙනි..

"ලොකු නෝනා කිව්වෙ ඒ මහත්තයාගේ අම්මා .. එයා තමා අපේ ඉස්කෝලෙට අලුතින් එන ගනන් ටීචර්... "

ආ....අන්න එහෙම කියහං මම බැලුවා ලොකු නෝනා කියන්නෙ තාම ඉස්කෝලෙ යන වයසෙ කෙනෙක්ටද කියල ..

බෝයා.. ඒ මිනිස්සු වැඩිය ඔයාල එක්ක හිතවත් නැද්ද... චෙන් ඇසුවේය..

" නෝනයි, මහත්තයයි , ජියේයි නම් හිත්වත් ඒත් අනික් දෙන්න නම් එහෙම නෑ.."

නෑ මම ඇහුවෙ උබව දැකලත් වාහනේ නවත්තන්නෙ නැතිව ගිය හින්දා..

" ශාන්ගි එච්චර එකතුනෑ අපි එක්ක .. ඒත් එදා නම් අපිව ගෙදරට ගෙනිහින් දැම්මා.."

එදා කිව්වෙ..

"පෙරේදා මම අසනීප වෙච්චි වෙලාවෙ.."

අසනීප වෙච්ච වෙලාවෙ .... ඇයි මොකද උනේ.. උබට.. බින් ඇසුවේ එක් වරම යීබෝ අසනීප වුයේ කෙසේදැයි දැන ගැනීමටය.

"පරන ලෙඩේමයි ඉතින් "

දැන් ප්‍රශ්නයක් නෑ නෙහ්... පයින් යන්න පුළුවන් නේද.. මම බෑග් එක ගන්නද..

ඕනෙ නෑ දැන් හොදයි..

හ්ම්ම්ම් ...එනම් යමු ..

තිදෙනාම පාසල ආසන්නයට පැමිනෙන විට ආපසු පැමිනෙන ශාන්ගේ රථය නැවත් වතාවක් හමු විය.. එවිට නම් ශාන් යීබොට හෝන් එක ගසාගෙන යාමට අමතක නොකලේය..

ඒහ් උබටද බං ඒ හොන් එක ගැහුවෙ.. බින් ඇසුවේය.

ඊට "දන්නෙ නෑ " කියන්නට යීබෝ දෙවුර සැලුවේය.

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Où les histoires vivent. Découvrez maintenant