~10~

1K 200 24
                                    

Jin's pov

ටේව එයාගෙ ගෙදරට එක්කන් ගිහින් මං එහේ එයත් එක්ක ඉන්න හිතුවත් ජංග්කුක් ගෙදර තනියම නිසා මං ආයේ ගෙදර ආවා.ඒ වෙලාවේ ටේහ්‍යුන්ග්ට මං යනවා කිව්වා නිසා ගොඩක් කේන්ති ගිහින් හිටියේ.ඒත් මට ජංග්කුක්ව එහෙම තනියෙන් තියන්නත් හිත නෑ.එයා ටේට කරපුදේට සමාව දෙන්න බෑ තමයි.ඒත් එයාට වෙලා තියෙන දේවල් එක්ක මට එයා ගැන දුකක් හිතුනා.

අනුකම්පාව................

මං මේ ලොකේ අකමැතිම දෙයක් අනුකම්පාව.මට එයාට අනුකම්පා කරන්න බෑ.මොකද එයාට මං නැතුව තනියෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.එයාට එයාගෙ හිතේ හයියෙන් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ.

මං ගෙදර ගියගමන් වොශ් කරලා කෑම ප්ලේට් එකකුත් අරන් ජංග්කුක්ව දාපු කාමරේ ළඟට ගිහින් දොර ළඟ ටික වෙලාවක් හිටගෙන හිටියා.

ජංග්කුක් ඇත්තටම එහෙම දෙයක් කරාද?..........

ජංග්කුක්ට එහෙම දෙයක් කරන්න පුළුවන්ද?...........

සමහරවිට ජංග්කුක් එහෙම දෙයක් කරෙ මට....................

මට තවත් දේවල් හිතෙන්න කලින් මං දොරත් ඇරන් ඇතුළට ගියා.ජංග්කුක් හිටියේ බිත්තියේ කොනකට වෙලා කකුල් දෙකත් බදාගෙන.මං ආවත් එයා ඔලුව උස්සලාවත් බැලුවේ නෑ.මං ප්ලේට් එක බිමින් තියලා ජංග්කුක් ළඟට ගිහින් ඔලුව අතගෑවා.එයාට නින්ද ගිහින්.එයාගෙ කම්මුල් තෙත් වෙලා කඳුළු වලින්.

"ජ්..ජංග්කුක්"

මං එයාට කතා කරා.එයා හිමීට ඇස් ඇරලා මං දිහා බැලුවා.මාව දැක්ක ගමන් ඒ ඇස් වලින් එකදිගට කඳුළු කැට කඩන් හැලුනා.

"ජ්..ජින් ම..මං...ට්..ටේහ්‍යුන්......නෑ....
ග්..ගැහුවේ......නෑ...මං...ටේහ්‍යුන්ග්ට"

එයා තවත් දේවල් කියන්න කලින් මං එයාව ළඟට අරන් තදකරලා බදාගත්තා.එයා මගේ ෂර්ට් එක තදින් අල්ලගෙන ඉකිගැහුවා.

"ජ්..ජින්..ම..මං නෙ..නෙමෙයි...එ..එයයි..."

"ෂ් ෂ් මං දන්නවා ජංග්කුක් මං දන්නවා ඔයා නෙමෙයි කියලා.මං හැමදේම දන්නවා.සමාවෙන්න මැණික"

කොච්චර වෙලාවක් මං ජංග්කුක්ව බදාගෙන හිටියද කියලා මතකයක් තිබ්බේ නෑ.ඒත් මං ජංග්කුක්ව ආයේ බලනකොට එයාට ආයෙත් නින්ද ගිහින් තිබ්බා.මං එයාව හරහට වඩාගෙන මගේ කාමරේට එක්කන් ගියා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Tempat cerita menjadi hidup. Temukan sekarang