Epilogue

1.2K 193 44
                                    

After 17 years

ජිනී
ජිනී

ආර්ශ් මොකද මෙ එකපාරටම කෑගහන්නේ? ඕ මාව එච්චරටම මතක් වුනාද ?

ජින් කිව්වේ ජංග්කුක්ව තමන් ළඟට ඇදලා ඉණවටේ අත යවන ගමන්.
ඒත් ජංග්කුක් ජින්ගෙන් ඈත් වෙලා ජින්ට එකදිගට රවාගෙන හිටියා.

මොකද මේ රවන්නේ ? ඒපාර මොකක්ද වුණේ ? මං නම් මොකුත් කරේ නෑ.මං අහිංසකයි.

අහිංසකයි.......අනේ හරි අහිංසකයි.මං මේ කතා කරේ ඩිනර් එක ගන්න එන්න කියලා.හැමදාම ඔෆිස් එකේම ඉන්න එකයි තියෙන්නේ.මොකට ගෙදර එනවද මන්දා

ජංග්කුක් ආයෙත් ජින්ට රවලා කාමරෙන් එළියට ගියා.ජින් ජංග්කුක් ගියගමන් හිනාවෙලා වොශ් කරන් ලෑස්ති වෙලා පහලට ගියා.

**************

ඒත් අප්පා ඩැඩාම තමයි කිව්වේ කවුරුහරි මට ගැහුවොත් මටත් ගහන්න කියලා.

ඒත් සූයා ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයිනෙ.ඉන්නකෝ ඔය ඩැඩා පහළට ආවම මං අල්ලගන්න.දැන්වත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න ඉගෙනගන්න.නැත්තන් මං ඔයාව හොස්ටල් එකට දාන එක දානවාමයි.

හී හී වැඩක් වෙන්නෑ අප්පා

ඒ මොකද ?

හොස්ටල් එකේ මැඩම්ට කැරපොත්තෝ දැකලා හුස්ම හිරවෙලා මැරුනොත් මට ජේල් එකට යන්න වෙයි.

ඇති හොඳටම ඇති දැන්නම්.ආ අර එන්නේ ඩැඩා

ආ මං එනකන්ද හිටියේ දෙන්නම ?

ජින් ඇහුවේ dining room එකට වෙලා ඉන්න අප්පයි දුවයි දැකලා.ජින්ව දැක්ක ගමන් දුවන් ගියපු සූයා ජින්ව හග් කරන් ජින් එක්කම ආයේ ඇවිත් ඉඳගත්තා.
ජංග්කුක්ගෙ මූණ දැකපු ජින්ට තේරුනා ජින්ට අදත් මොකක්හරි බාල්දියක් පෙරලෙන්න යනවා කියලා.

ඩැඩා අද මම........

ඇති කිව්වනේ.සූයා ඔයා එක වචනයක්වත් කතා කරන්නෑ.මම කියලා ඉවර වෙනකන් දෙන්නගෙන් එක්කෙන්ක්ට කතා කරන්න බෑ.

අද මොකක්ද මගේ සූයා කරගත්තේ ?

සූයා.......සූයා තමයි අද මෙයා කොලේජ් එකේ තව පිරිමි ළමයෙක්ට ගහලා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Wo Geschichten leben. Entdecke jetzt