Chapter 1

3.5K 218 28
                                    


" ඇත්තටම ඔයා මට දැන් කියන්නෙ ඔයාට මාව එපා වෙලා කියලද ශාන්?
ඔයා දන්නවා හොදටම මට ඔයා නැතුව දැන් ජීවත් වෙන්න තියා හුස්මක්වත් ගන්න බෑ කියල. මේ ලගකදි ඉදන් ඔයාට මොනද වෙලා තියෙන්නේ ?? "
     ඇස් වල කදුලු පුරෝගෙන තමන්ගෙ මූන දිහා බලන් බෝ මේ කියන දේ ශාන් දිහා ශාන් බලන් හිටියෙ ඇස් අගින් බේරෙන්න පොරකන කදුලු වලට එලියට එන්න නොදී පුලුවන් උපරිමයෙන්ම උත්සාහ කරමිනුයි. මොකද ශාන් දැනන් හිටියා එක කදුලු බින්දුවක් හරි බෝ දැන් දැක්කොත් එයාගෙ ඇස් වල මෙච්චර කල් කරපු හැම දේම අපරාදෙ කියල.  බෝව තුරුල් කරන් නලවන්න කියන හිතට ආයෙ ආයෙත් තරවටු කරල ශාන් බෝව ලගින් ටිකක් ඈතට යන විදිහට තල්ලු කලා.

" මම දැන් ඔයාට කිවුවනෙ යීබෝ. මම එහෙම හැසිරුනේ ඇත්තටම නෙමෙයි කියල. සරලවම මම ඔයාට අයෙ කියන්නම් මම ඔයාට ආදරේ නෑ දැන්. ඒ දවස් වල තිබ්බ ඒ feeling එකත් ආදරේ නෙමෙයි. ඒක ඒක නිකන් ආකර්ශනයක් විතරයි. දැන් වත් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න."   ශාන් එක දිගටම කියන් ගියෙ බෝගෙ ඇස් මග ඇරලා.

ඇස් පිය හෙලන්නවත් අමතක උන බෝ ගලන කදුලු අතරින් බොඳ වෙලා පේන ශාන්ගෙ රූපය දිහා බලන් හිටියේ හරියට ගල් පිලිමයක් වගෙයි. 

" ශාන් ඔයා මට කියුවේ බොරුනේද?? අනේ ඒ සේරම බොරු නේද?? " බෝ ආයෙම අහන්නෙ ශාන්ගෙ අතින් අල්ලගන්න හදන ගමන්.
ඉක්මනින් බෝට අල්ලගන්නබැරි වෙන්න අත ගත්ත ශාන් ඊලගට බෝට කිවුවෙ බෝට හිත ගන්නවත් බැරි දෙයක්.

" ඇත්තටම ඔයාට තේරෙන්නේ නැද්ද යීබෝ මම ඔයාව යූස් කලේ මගේ වැඩ ටික කරගන්න විතරයි කියල. මට දැන් ඕන ඔක්කොම වෙලා ඉවරයි. අනික ඔයා එක්ක තවත් මෙහෙම හිටියොත් මට අර ෆේමස් ඇක්ට්‍රිස් යැන්ග්සි වත් මේ පාර අත්හරින්න වෙන්නෙ. ප්ලීස් දැන් වත් මට තවත් වද නොදී යන්න. "
    මේ වෙලාවෙනම් ශාන්ගෙ කටහඬ ටිකක් බිදුනත් ඒක බෝට නොතේරුනේ බෝ හයියෙන් අඩනගමන් හිටිය නිසාමයි.

තවත් මෙතන හිටියොත් තමන්ගෙ කදුලු නතර කරගන්න බෑ කියල තේරුන ශාන් බෝව එතනම දාල ඉක්මනින් ඉක්මනින් යන්න ගියෙ බෝ බිම වාඩි වෙලා අඩන දිහා පොඩ්ඩක්වත් බලන්නෙ නැතුව.

එක දිගටම පැයක් විතර බිම වාඩිවෙලා ඇඩුව බෝ නැගිට්ටෙ ශාන්ට අයේ කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ කියල තීරණයක් අරගෙනමයි. ඒත් බෝ දන්නෙ නෑ තාමත් ශාන් ඈතින් ඉදන් එයා දිහා බලන් අඩනවා කියල.

...................................................................................

රූ...❤️

Love You More - Completed Waar verhalen tot leven komen. Ontdek het nu