22 Chapter 💜️

613 160 22
                                    

Time Passed

දවස් ගානක් කිසි විශේෂත්වයක් නැතුව සුපුරුදු විදිහට ගෙවිලා ගියේ ලොකු විනාශයක් අත ලග කියන්න වගේ... ජින්ට තවමත් මිනීමරුවන් හොයා ගන්න පුලුවන් කමක් තිබුනේ නැහෑ.. ඒත් ටේ ,මින්හෝ වගේම නම්ජූන්, හොබීත් ඒ වෙනුවෙන් උපරිම උත්සහා ගත්තේ ජින්ට මේ වැඩේට ඉන්වෝල් වුනොත් සොන්ග් ජෝ මේ ගැන දැන ගන්න නිසයි... ජින් ගෙයි ඔමීගෙයි එන්ගේච්මන්ට් එකට ඉතිරිවෙලා තිබුනේ තවත් එක දවසක් විතරයි. ඒත් ජින් දැනන් හිටියේ නැහෑ සොන්ග් ජෝ ගේ වගේම ඔමීගේ ප්ලෑන් එක...

"ජිනා...අපිට අරුන් ඉන්න තැනක් ගැන පොඩි ඔත්තුවක් ලැබුනා.. මින්හෝ තමයි දුන්නේ. ඒත් එයාට ඒකට එන්න බෑ කීවා එයාගේ අප්පාට සැක හිතිලා කියලා.. ඒ නිසයි මායි හොබී ඒ ගැන බලන්න යන්න ඉන්නේ.. "

"යහ්හ් නම්ජූනා... උන්ව අදම හොයා ගත්තොත් මට මේ විකාර එන්ගේච්මන්ට් එක නවත්ත ගන්න පුලුවන්.. "

"බය වෙන්න එපා.. අද උන් දෙන්නවා අල්ල ගන්න පුලුවන්වෙයි.. අනිවාර්යයෙන් "

ඔෆිස් එකේ ඉදන් ජින් කෙලින්ම ගියේ නූයාව හම්බෙන්න එයාගේ පාලර් එක ගාවට.. සොන්ග් ජෝ ගේ මිනිස්සු ජින් ගැන ඔත්තු බලන නිසාම ජින් හිටියේ පාලර් එකේ පිටිපස්සට වෙන්න කාර් එක නවත්තන්....පාලර් එකෙන් එළියට ආව නූයා වටේම බැලුවෙ ජින් ඉන්නවද කියලා... නූයාව දැක්ක ජින් නූයාට කෝල් එකක් ගත්තා.

"නූ.... පාලර් එකේ පිටිපස්සට එන්න.. මං එතන ඉන්නේ."

කෝල් එක කට් කල නූයා වටේම බලබල බයෙන් වගේ ගියේ ජින්ගේ කාර් එකට නැග්ගා...වාහනේට නැගපු ගමන් නූයා  ජින්ව බදා ගත්තා..

"ඇයි මේ .....නූ....මොකද වුනේ..... "

"අනී.... මෙහෙම ටිකක් ඉන්න දෙන්න...."

නූයාව තවත් ලං කර ගත්ත ජින් හිමීට නූයාගේ ඔලුව අත ගෑවා....

"අපි නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට යන්ද? "

ජින්ගෙන් ඈත් වුන නූයා ජින්ගෙන් ඇහුවේ ඇස් වල පුංචි කදුලක් රදවගෙන.ජින් කෙලින්ම ගියේ එයාගේ එපාර්ට්මන්ට් එකට. මොකද එළියේ සේෆ් නැහැ කියලා ජින් දැනන් හිටියා.. ගෙදරට ආව ගමන් කෙල්ල කලේ ජින්ව පිටිපස්සෙන් බදා ගත්ත එක.

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now