8 Chapter 💜️

711 196 66
                                    

"හ්යොන්ග්.....මට ආයෙත් මං ආදරේ කල කෙනෙක් නැති වුනා... 💔"
.
.
.
.
.

2 Years Ago

"ජිනී..... ඉරොනා...( නැගිටින්න)... පල්ලී.........අද අප්පා එක්ක ඔෆීස් යනවා කියලා  කීවා නේද අහ්... "

ඇදේ ශීට් එකත් ඔලුවෙන් ඉදන් පොරවන් ඉන්න ජින්ව දැකපු සොක් ජොන්ග්  කෑගැහුවේ හරි ආදරෙන්...

Kim Seok Jung කියන්නේ ජින් ගේ නිවුන් සහෝදරයා... ඒත් ජින්ට වඩා විනාඩි ගානක් කලින් ඉපාදුන නිසා ජොන්ග්  ,ජින් ගේ හ්යොන්ග්( අයියා ) වුනේ එහෙමයි. එකම මුහුනුවර තිබුන මේ දෙන්නව වෙන වෙනම අදුර ගන්න කාටවත් බැරි වුනා.ඒත් මේ දෙන්නව ලගින්ම දන්න අය පමණක් ජින් ගේ බෙල්ලේ දකුණු පැත්තේ උපන් ලපයක් තිබුන බව දැනන් හිටියා...

"යහ්හ්..... නැගිටිනවාආආආආආඅ!!!"

මහා හයියෙන් කෑගහගෙන ජොන්ග් , ජින් ගේ ඇගට පැන්නේ මේ පොඩි එකා තාමත් උඩ දාන් නිදි නිසයි..

"අහ්හ්හ්හ් හ්යොන්ග්..... වදයක් නොවී මෙතනින් යනවකෝ හලෝ...... "

"අහ් එහෙමද... ඉන්නවකෝ... මං අප්පට ගිහින් කියන්නම්... එහෙනම් මට ඔෆිස් යන්න බෑ කියලා... එතකොට අප්පා මාව ඇමරිකා යැව්වම තනියම ඉන්නවා මෙහෙට වෙලා.... ඔකේ.. බායි"

"යහ්හ් හ්යොන්ග්... නෝ මිච්චස්සෝ ? අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් අරස්ස්සෝ අරස්ස්සෝ ... මං නැගිටින්නම්... හැබැයි ඊට කලින් මට කියනවද අර phone  එකේ ඉන්න කෙල්ල කව්ද කියලා?

ජින් ඒ කීව දේ ඇහුන ගමන් ජොන්ග් ගේ මූන දෙක වෙලා ගියේ ලැජ්ජාවට... පව්ලේ වැඩිමලා නිසා කිම් ඉන්ඩ්‍රස්ට්‍රී එක භාර ගන්න තිබ්බේ සොක් ජොන්ග් ට. ඒත් ජොන්ග් ට හැම වෙලේම ඕන උනේ Doctor  කෙනෙක් වෙන්න... ජොන්ග්  ට වගේම ජින් ට කොලේජ් යන්න තිබ්බ  දවසේ මිස්ට.කිම් ,ජොන්ග්  ට හෙඩ් ඔෆිස් එකට එන්න කියලා තිබ්බේ එයාගේ කොලේජ් ගමනට  බාදා කරන්න හිතන්.. මිස්ට .කිම් හැම වෙලේම කීවේ ජොන්ග්  මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඕනේ කියලා.. ඒත් අප්පාගේ හිතුවක්කාර කමත් එක්ක අසරණ වුන ජොන්ග්  අවුලෙන් ඉන්නවා බලන් ඉන්න බැරි වුන ජින් ,ජොන්ග්  වෙනුවට ඔෆිස් යන්න පොරොන්දු  වෙලයි හිටියේ....

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now