9 Chapter 💜️

703 195 76
                                    

"............
අනික එයා ආදරේ කලේ ඔයාට නෙවේ... "

" එහෙනම්...?"

"ජොන්ග් හ්යොන්ග් ට....."

"..........."

ජින් කිසි දෙයක් හිතා ගන්න බැරුව ටේ දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්...

"ඇති ටේ හ්‍යොන්ග්... ඇති.. තමුසේ මට එන්න කීවේ ඔය විකාර කියන්නම් මං යනවා.... "

" ඔමී ඔයාට කලින් දැකලා තියෙන්නේ ජොන්ග් හ්යොන්ග්ව....."

ටේ එහෙම කීවේ එතනින් නැගිටලා යන්න හදපු ජින්ගේ උරිස්සෙන් අල්ලලා වාඩි කරවන ගමන්...

"මං මේ කියන දේ අහලා ඉන්න.. ඔයා පස්සේ තීරනේ කරන්න මං මේ කියන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා... "

ටේ එහෙම කීවම ජින් ටිකක් සංසුන්ව ටේට ඇහුකම් දුන්නා...

"හ්යොන්ග් ඔයා දන්නවනේ අපේ අප්පා කොලේජ් එකේ වැඩ වලට අමතරව ළමයින්ට ටියුශන් කරනවා කියලා... එයා හැමදාම weekend එකේ සෝල් ඉදන් බූසාන් එන්නේ ඒ නිසයි... අපි high school යන කාලේ මං,ජිමිනා,කුකී අපි තුන්දෙනාටම ආපේ අප්පා තමා science ටියුශන් දුන්නේ.. අපි තුන්දෙනාට අමතරව ඔමීයි එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් ක්ලාස් එකට ආවා.. කලින් දවසේ රෑ වෙනකම් කොලේජ් එකේ වැඩ වලට හිර වෙලා හිටිය නිසා අප්පා එදා ක්ලාස් එකට ආවේ කෙලින්ම සෝල් ඉදලා.. ඒ හින්දා එයාට අත්‍යවශ්‍ය නෝට් වගයක් කොලේජ් එකේ දාලා ඇවිත් තිබුනා.. හ්යොන්ග්... ඔයා දන්නවනේ ආපේ අප්පාගේ විශ්වාසවන්තම ගෝලයා ජොන්ග් හ්යොන්ග් කියලා... ඉතින් එදා අපෙ අප්පා කෝල් කරලා ජොන්ග් හ්යොන්ග්ට ඒ නෝට් ටික ගෙනත් දෙන්න පුලුවන්ද ඇහුවා... හ්යොන්ග් කොහොමත් අපේ අප්පා එක්ක එකතු නිසා එයා බෑ නොකියම ඒ ටික ගෙනත් දෙන්න කැමති වුනා...... එදා හ්යොන්ග් ක්ලාස් එකට ආව වෙලේ තමා ඔමී ජොන්ග් හ්යොන්ගව දැක්කේ... ක්ලාස් ඉවර වෙලා ඔමී හ්යොන්ග් ගැන මගෙන් ඇහුවා... මං එතකොට ඔමීගේ ඇත්ත ස්වරූපය දැනන් හිටියේ නැති නිසා හ්යොන්ග් ගැන කීවා...... ඊට පස්සේ එයා හ්යොන්ග් ගැන මගෙන් ඇහුවේ නෑ.. ඒත් එයා හ්යොන්ග් ගැන හැමදේම හොයන් තිබ්බා.... ස්කූල් එකෙන් අවුට් උනාට පස්සේ ඔමීව මං දැක්කේ කොලේජ් එකේදි.... ඒකත් ඔයත් එක්ක.. මට තේරෙන් නෑ ..... මේ මුකුත්... හැබැයි ජින් හ්යොන්ග්... ඔමීගේ ගේ අප්පා ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මෙතන අපි නොදන්න දෙයක් තියෙනවා... "

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now