1 Chapter 💜️

1.3K 249 34
                                    

🔔🔔🔔🔔🔔🔔🔔🔔

"අයිශ්ශ්ශ්ශ්ශ්ශ්......මොන මගුලක්ද එරා.... ඕක ඕෆ් කරනවකෝ....... " ඉවරයක් නැතුව විනාඩි පහෙන් පහට වැදෙන එරා ගේ එලාර්ම් එක මගේ සුව නින්දට බාදාවක් උන නිසා උදේ පාන්දරම මගේ ගන්ටාරේ ගහන්න උනා..

අද අපි College යන පළවෙනි දවස .වාව්... මාරම සතුටුයි.අවුරුදු ගානක් මහන්සිවෙලා මගේ හීනෙට යන්න පළවෙනි අඩිය තියන්නේ අද. පොඩි කාලේ ඉදන් තිබ්බ එකම උණ බියුටීෂියන් කෙනෙක් වෙන එක 😌 ඒ ආසාව නිසාම මං ඩිග්‍රී එකත් කරන්නේ ඒ සයිඩ් එකෙන්.ගෙදරින් අප්පාගෙන් වත් ඔම්මාගෙන්වත් මට ඒකට කිසිම බාදාවක් තිබුනේ නැති නිසා මගේ හීනේ හැබෑ කරගන්න මං හරි ආසාවෙන් උනන්දුවෙන් වැඩ කලා.

"කෝ මගේ කණ්නාඩිය.... "සයිඩ් ටේබල් එක උඩ අත එහෙ මෙහේ යවලා යන්තම් කණණාඩිය හොයා ගත්තා..

"නූයා.... මොනාද හලෝ යන්න ලැස්ති වෙනවකෝ.කියන්නෙනම් කොහොමද..රටේ ඉන්න හොදම බියුටීෂියන් වෙනවා කියලා.ඒත් මෙහේ තාම පස්සට එළිය වැටෙනකම් නිදි...අද කොලේජ් යන පළවෙනි දවස නේද ?පොඩ්ඩක් මනුස්සයෙක් වගේ උදෙන් නැගිටලා ලෑස්ති වෙනවකෝ..." එරා තොර තෝංචියක් නැතුව කියවන් ගියේ කොන්ඩෙත් අවුල් කරන් කණ්නාඩිය දාන් ඇදේ ඉදන් නිදි කිරන මාව දැක්කට පස්සේ.

එරා කියන්නේ බොහොම පිළිවෙලට ඉන්න කෙල්ලෙක්.කොච්චර පිස්සු නැටුවත් එයා පිළිවෙලයි.

" අහ්හ්...ආයේ නිදි.නූයා තව්සෙව දැක්කම බියුටීෂියන් නෙවේ පිස්සු හැදිලා පාරේ ඇවිදින ලෙඩෙක් කියලා හිතන්නේ.."

"අයිෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්..... යනවකෝ මෙතනින් .මං ලැස්තිවෙලා එන්නම් .අහ් .." ලග තිබුන කොට්ටෙන් එරාගේ මූනට ශොට් එකක් දීපූ මං ඉක්මනට වොෂ් රූම් එකට දුවලා ගිහින් දොර වහා ගත්තේ හැරෙන තැපෑලෙන් මට ආයේ රිටන් එක ලැබෙන නිසා. මොකද ගහපු කොට්ටේ එරාගේ මූනේ වැදිලා මූනේ තිබ්බ මේකප් ටික කොට්ටේ .. 😂

මං ,මිසු ,ෂියා ,එරා ...අපි තුන් දෙනා එකම කොලේජ් එකට යන්න සිලෙක්ට් උනාට මායි එරායි කරන සබ්ජෙක්ට් එකම නිසා අපි දෙන්නා ඉන්නේ හොස්ටල් එකේ එක රූම් එකේ.මීසූ , සියා මියූසික් කරන නිසා එයාලා ඉන්නේ වෙනම්ම රූම් එකක. ඒත් අපිට ඉස්සරහා කාමරේ 😂.

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now