20 Chapter 💜️

625 166 49
                                    

2 Hr Ago

Jin Pov

ඔෆිස් එකේ වැඩ ටිකත් ඉවර කරලා මං නම්ජූන් එක්කම ඔෆිස් එකෙන් ආවේ ගෙදර ගිහින් ලෑස්ති වෙලා ක්ලබ් එකට යන්න හිතන්..නම්ජූන් මගේ හිත කොච්චර හැදුවත් මගේ හිත කීවේම පාර්ටි එකට නොගිහින් ඉන්න. එදා නූයා මං හීනෙන් දැක්ක දවසේ ඉදන් මං බීම නතර කලේ මේ ප්‍රශ්න වලට මං මූන දෙන්න කෙලින් ඉන්න ඕනේ නිසයි..ඒත්  පාර්ටි එකට ගියොත් කොහොමත් මට බොන්න වෙනවා කියලා දන්න නිසාම යන්න අදිමදි  කලත් මොකක්දෝ හේතුවක් නිසා යටි හිත කීවේ පාර්ටි එකට යන්න... එතනට නූයා එයි.. මං කොහොමද ඒ මූන බලන් පැත්තකට වෙලා ඉන්නේ.. ඒත් මගේ මැනික ගැන හිතලම මං තීරනේ කලේ ක්ලබ් එකට ගිහින් මැනිකට පේන්නේ නැති තැනකට වෙලා පාඩුවේ ඉදලා එන්න..ගෙදරට ගිහින් මගේ රූම් එකට යන්න හදද්දිම ඔම්මා කතා කල නිසා මං පොඩ්ඩක් ඔම්මා ගාවට ගියේ  කාලෙකින් කලින් ගෙදර ආව නිසා පොඩ්ඩක් ඔම්මා එක්ක හුරතල් වෙන්න හිතන්....

"ඔම්මා.... ඔයා දැන් මට ආදරේ නෑ.. "

"අහ්හ් මේ මොකෝ.. "

"නෑ ඉතින් මං කොලේජ් යන කාලේ ඔම්මා මං ගැන හොයලා බලනවනේ ... මීට වඩා. දැන් මං ගෙදර එනවවත් ඔම්මා දන් නෑ.."

ජින් කීවේ ඔම්මාව බදාගෙන ..

"අහ්හ් මං මොකටද දැන්.. ඒකටනේ නූයා ඉන්නේ.."

මිසිස්.කිම් නූයා එක්ක වුන ප්‍රශ්න කිසි දෙයක් නොදැන හිටියා කියලා හිතුව ජින් දිග හුස්මක් පිට කරලා ලෑස්ති වුනේ සිද්ද වුන දේවල් ඔම්මාට කියන්න කියලා හිතන්...

"ඔම්මා.. මං මේ කියන දේ නිසා ඔම්මා අව්ල් ගන්න එපා.."

"ඔහ්හ් ඔහ්හ්හ් ඊට කලින් මේකට උත්තර දෙන්න ජිනී. ඔයා ඔම්මා කියන දේට වඩා නූයා කියන එක අහන්න පුරුදු වුනේ කවදා ඉදන්ද?"

" අහ්හ් මං කවද්ද එහෙම කලේ ඔම්මා...මගේ ඔම්මා කියන දේ මේ ජිනී අහනවනේ.."

"ම්ම්ම් ම්ම්ම් ඒක තමා... එදා නූයා කීව ගමන් ආයේ ඔෆීස් යන්න ගත්තේ.. මං කොච්චර මගේ කොල්ලාගේ හිත හදන්න හැදුවත් බැරි වුනානේ. ..කොහොම හරි නූයා නිසා මගේ අදල් දැන් හොදින් ඉන්න එකට නූයාට ස්තූතී කරන්න ඕනේ.."

You're My Prince 💔 ( COMPLETED )Où les histoires vivent. Découvrez maintenant