3 Chapter 💜️

823 214 20
                                    

Nooya Pov

අවුරුදු 2කට කලින් දැක්ක එයා පෙනුමෙන් ගොඩක් නිවුන කෙනෙක්.හරිම අහිංසක හිනාවක් තියෙන්නේ.දකින ඕනම කෙනෙක්ට අදරේ හිතෙන ඒ අහිංසක මූනේ තිබුනේ හරිම සංසුන් කමක්.අද කාලේ ඉන්න පිරිමි ළමයිත් එක්ක මං එදා දැක්ක කෙනා ... සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක්.විනාඩි ගානක් වුනත් ඒ ටික වෙලාව ඇති එයා කොහොම කෙනෙක්ද කියලා තේරුම් ගන්න.මහා පාරක අයිනේ බිම ඉදගෙන පාරේ ඉන්න පුංචි බලු පැටියෙක් එක්ක කතා කර කර ඉන්න තරම් දැන් ඉන්න තරුණ පාරම්පරාව සමාජශීලී නෑ.තත්වය,සාල්ලි,ලස්සන ගැන විතරයි බොහෝ දෙනා හිතන්නේ... ඉතින් ඔහු වෙනස්ම කෙනෙක් විදිහට මං දැක්කේ ඒකයි...
-----------------------------------------------------------------

" මේ නම් එයා වෙන්න බෑ... කීයටවත්..... "

වසර දෙකකට පෙර දුටු පුද්ගලයගෙන් හාත්පසම විරුද්ධ පැත්තක් නූයා දාකිද්දි ඇයටම එය අදහාගාත නොහැකි විය.සිදුවන්නේ කුමක්ද කියාවත් ඇයට ගානක් නැත.ඇය සම්පූර්ණයෙන්ම දෙලොවක් අතර තානී වී හමාරය.වසර දෙකක් පුරාවට හිතෙන් චිත්තරූප මවාගෙන ආදරේ කල ඔහු අද ඇය ඉදිරියේ සිටින්නේ වෙනම රූපෙකිනි....

මේ හැම දෙයක් දිහාම නිහඩව කෙනෙක් බලා හිටියා...ඔහු කෙමෙන් කෙමෙන් ඉදිරියට ගියේ නූයා සිටි තැනටයි...

"මොකෝ බය වෙලාද?... ගෙදර තියෙන චන්ඩි කට කෝ...ගිල්ලද? "

කන ගාවින් ඇහුන ඒ සද්දෙට බය වෙලා මං පිටිපස්ස බැලුවේ කව්ද ඒ පාර මගේ ජාතකේ කියන කෙනා බලා ගන්න...

"ඔම්මායාආඅ........"

මට කෑගැස්සුනේ වෙස්මූනක් දාන් හිටිය සොම්බෙ කෙනෙක් මගේ මූණටම ලංවෙලා හිටිය නිසයි..

හිමීට මූනෙන් වෙස්මූන අයි කල එයා කට කොනකින් හිනා උනේ අතින් කොන්ඩේ පස්සට හදන ගමන්...

"අයිශ්. ඔප්පා..තව ඩිංගෙන් මට හාර්ට් ඇටෑක් එකක් එනවා.. "

"ඇයි ඔච්චර බය වෙන්නේ.මාත් එක්ක රණ්ඩු වෙද්දි මගේ කොණ්ඩෙන් ඇදලා ඔලුවට ගහලා දුවන්නේ... මෙහෙත් ඒහෙම ඉන්න 😅...ගෙදර විතරයි ඔක්කොම..පිස්සු කෙල්ල."

ඔප්පා හිනා වෙවී එහෙම කියලා ඇගිල්ලෙන් මගේ නළලටත් ඇනලා තමා නැවතුනේ.

You're My Prince 💔 ( COMPLETED )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin