13 Chapter 💜️

680 184 37
                                    

Nooya Pov

ඔමී නිසා පෑරලිලා තිබ්බ මගේ හිත අමාරුවෙන් මං හදන් ඉද්දිම ආයෙත් ඒ දේම වෙද්දි මට දැනුනේ මහා කාලකන්නි කමක්... එක දවසක් සතුටෙන් හිටියොත් සතියක් අඩන්න දෙයක් වෙන්නෙ ඇයි.... ඇයි ජින් මට ආදරේනම් ඔමී ඉස්සරහා අසරණ වෙන්නෙ... ඇයි එයා මේ දේවල් මට කියලා මගේ හිත නිදහස් කරන් නැත්තේ... හැමවෙලේම ඇයි මං විතරක් විදවන්නෙ..ඇස් දෙකෙන් වැටෙන කදුලු අත් දෙකෙන්ම පිහිදාන් මං ටැක්සි එකෙන් බැහැලා ගියේ පාලර් එකට... වෙනදට වඩා වැඩ වැඩි දවසක් වුන නිසා phone එක දිහා බලන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ... වෙනදා වගේම අද Felix පාලර් එකට ආවේ අන්තිමට... මේ දවස් ටිකට කොල්ලා මත් එක්ක ගොඩක් එකතු වෙලා හිටියා... හිතේ තිබ්බ ප්‍රශ්න අමතක වෙලා ගියේ මේ කොල්ලා කරන වැඩ එක්ක බඩත් අල්ලන් මං හිනා වුන නිසා... වෙන එපොයිමන්ට් නොතිබුන නිසා මං වැඩ ඉවර වෙලා එනකම් Felix බලන් හිටියා.... අද Felix ආවේ Makeup එකකට නෙවේ. එයාගේ කොණ්ඩෙට වෙන කලර් එකක් දාන්න.ඒ නිසා එයා ඒ වැඩේ ඉවර වෙලා කෙලින්ම යනවා කීවේ ගෙදරට.. ඉතින් වෙන වැඩක් නොතිබුන නිසා එයා මං වැඩ ඉවර වෙනකම් බලන් හිටියා....

"නුනා( අක්කා) ... ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"

ගත්ත බඩු අස්කර කර ඉන්න මගේ ඇස් උඩ ගියේ මේ කොල්ලා අහපුදේට....

"ම්ම් ඇයී එහෙම අහන්නේ...."

"නෑ නුනා ලස්සනයිනේ...බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතිවෙන්න බැහැ.... "

"හේ.....ම්ම්ම්ම්..ඉන්නවා කියන්න පුලුවන්..."

"ඇයි පුලුවන් කියාන්නේ... වන්සයිඩ් ලව්ද..?"

"අනේ නැහැ... මං තරහා වෙලා ඉන්නේ....?"

"ම්ම්ම්ම් එයා මට වඩා හැන්ඩ්සම් ද?"

මේ කොල්ලත් මොනා අහනවද මංදා...

"ම්ම්ම්ම් නෑ අනේ... ඔයා හැන්ඩ්සම් .... ගොඩක්"

මං එහෙම කීවේ හිනා වෙන ගමන්... වැඩ ඉවර වෙලා මං පාලර් එකෙන් එළියට ආවේ Felix එක්කමයි... අපි එළියට එනකොටම වෙනදා වගේම ජින් එතනට ඇවිත් හිටියා....

"නුනා.... මං ඔයාව ඩ්‍රොප් කරන්නම්.... එන්න..." Felix එහෙම කීවේ මගේ අතින් අල්ලන් එයාගේ Car එක ලගට එක්ක යන ගමන්.. මේ හැමදේම ජින් බලන් හිටියේ පුපුර පුපුර... එක තත්පරක්වත් පරක්කු නොවී ජින් අපේ ලගට ආවේ වෙඩිල්ලක් වගේ...

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now