2 Chapter 💜️

920 229 45
                                    

Flashback

ස්කූල් එකට යන්න පරක්කු වුන නිසාම ටක් ටක් ගාලා එහෙන් මෙහෙන් ලෑස්ති වුන මං දුවගෙන ගියේ බස් එක මිස් වෙයි කියලා බයට.බස් හෝල්ට් එකට යනකොට යන්තම් විනාඩි 2 ක් කලින් ඇවිත් කියලා දැක්කේ හෝල්ට් එකේ තිබ්බ බෝර්ඩ් එකේ ඊලගට එන බස් එකේ වෙලාව දැකලා..

"ඇති යන්තම්..ශිට්.මේ නිදිකුම්බර ජන්ම පුරුද්ද එක්ක තව ඩිංගෙන් අදත් PT සෑර් කාරයගෙන් ඔන්දස් පොට් තමයි.." මං හිතින් හිත හිත ලාවට කටින් මිමිනුවේ එක අතකින් ඔලුව කස කස,අනිත් අතෙන් කණ්ණඩිය නහයෙන් උඩට දාන ගමන්..

" හේයි..ඔයා මේවා කන් නැත්ද? .."

මං ගැස්සිලා පිටිපස්ස බැලුවේ මේ උදේම මට මහාපාරේ කෑම කවන්න හදන කෙනා කව්ද බලන්න....ඒත් ඒ මට නෙවේ කියලා දැන ගද්දී ඉබේම වට පිට බැලුවේ කවුරු හරි මගේ දිහා බලන් ඉන්නවද කියලා සැක හිතුන නිසා.. 😒(වස ලැජ්ජව බලන් ඉදියනම්)

"අහ් ඒ මට නෙවේ.. " කියලා හිතින් කියන ගමන් බස් එක එනවද කියලා බලලා ආයෙත් නිරායාසයෙන් පිටිපස්ස බැලුනේ කව්ද ඒ ඉන්නේ,එයා මොකද එතන බිම ඉදන් කරන්නේ කියලා බලන්න...

කනෙන් පහළට අගලක් විතර වැටෙන්න,ඉස්සරහෙන් ඇස් වැහෙනකම්ම තිබ්බ කලු කොණ්ඩේ,..සුදු පාට ටී එකක් ඇදලා ජැකට් එකක් උඩින් දාලා හිටිය ඔහු හිටියේ පැත්තට වෙන්න.

Nooya Pov

ඔව් ..මං පළවෙනි පාරට ඒයාව දැක්කේ එදා..පොඩි ළමයෙක් වගේ පාර අයිනේ ඉදිය ඒ බලු පැටියව හුරතල් කර කර,එයාට මොනාද කන්න දෙන්න හදනවා.එයත් එක්ක කතා කරනවා...ඒ ගෙවුන තත්පරේ මං ඇහිපිය නොගහා එයා දිහා බලන් ඉදියේ අහක බලන්න තත්පරෙත් අපරාදේ කියන්න වගේ.. එතකොට මට වයස අවුරුදු 16ක්.High School එකේ 3rd Year ඉදිය මං හැමදාම වගේ ස්කූල් එකට යන්නේ බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා..( ඒ කීවට හැමදාම යන්නේ පරක්කු වෙලා කියලා හිතා ගන්නකෝ 😂)
ජිවිතේ කවම දාවත් පිරිමි ළමයෙක් ගැන හිතන්න ඕන කමක් තිබුන් නෑ කියන්නමත් බෑ.. තිබ්බා.ඒත් සෙට් වුනේ නෑ 😪 කොහේ සෙට් වෙන්නද.... නරක් වෙච්ච කිම්චි කැවිලා වගේ කොයි වෙලෙත් මගේ නසරානි යාලුවෝ එක්ක දුවදුව ඉද්දී කොල්ලෙක් කැමති වෙයිද.?

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now