18 Chapter 💜️

606 167 35
                                    

දින සති ගෙවිලා යද්දී ජින් තවමත් තමන්ගේ හිත හදා ගන්න බැරිව බලා ගත්තු අත බලන් ඉද්දී මිසිස් .කිම් කලේ ජින් දිහා බලන් හුල්ලපු එක විතරයි... මේ පාර ජින්ගේ හිත ජින්ගේ ඔම්මාටවත් හදන්න බැරි වුනා.. කවදාවත් ගෙදර බීපු නැති කොල්ලා දැන් දවස තිස්සේම කලේ කාමරේට වෙලා බීපු එක.. බිම ඉදගෙන හ්යොන්ග් ගේ පින්තූරේ දිහා බලන් අඩපු කොල්ලාගේ කටින් පිට වුනේ වචන දෙකයි.. අප්පා... නූයා... හැම වෙලේම කොල්ල කීවේ අප්පා දැන් මං මොනවද කරන්නේ කියලයි... නූයාව මතක් වෙන හැම වෙලේම කලේ කොල්ලා බීලා බීලා බෝතල් පොලේ ගහපු එකයි..

"ඇයි මැනික ඔයාට මාව බලන්න එක්ක බැරි වුනේ? ඔයා මට එච්චරට වෛර කරනවද...?"

ජින් නූයාට හිතෙන් කතා කරන හැම වෙලේම කලේ ඉකි ගගහා අඩපු එක... කෙලින් හිට ගන්නවත් පන නැතිව වොඩ්කා බෝතලෙත් අතේ තියන්ම කොල්ලා වැටුනේ බෙඩ් එක උඩට... ජින්ගේ ඇස් හිමීට පිය වෙද්දී එයා දැක්කේ රූම් එකේ දොර ගාව ඉදන් කොල්ලා දිහා අනුකම්පාවෙන් බලන් ඉන්න නූයාව... නූයාව දැක්කම ජින්ගේ මුවගින් සිහින් සිනහාවක් ඇදිලා යද්දී නූයා හිමීට ජින් ලගට කිට්ටු වුනා.. ජින් දිහාම බලන් ජින් ලගින් බෙඩ් එකෙන් වාඩි වුන නූයා කලේ ජින් දිහා ආදරෙන් බලන් හිටිය එක.බාගෙට ඇරිලා තිබුන ජින්ගේ ඇස් වලින් දැක්කේ නූයාගේ ඇස් වල දිලිසෙන කදුලු බිදු.. ජින් තමන්ගේ අත හිමීට එසවූයේ නූයාගේ ඇස් වලින් වැටෙන කදුලු පිහිදාන්න..

"මියන්හේ නු..."

ජින් කීවේ තමන්ගේ අත නූයාගේ කම්මුලේ රදවගෙන.

"ජිනී.. ඇයි මේ... ? ඇයි මෙහෙම ඉන්නේ? ඔයා මං ආදරේ කල ජින් නෙවේ.. එයා මෙහෙම නොසැලකිලිමත් නැහෑ... "

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්... "

ජින් කීවේ එයාගේ ඇගිල්ලක් නූයාගේ තොල් වල තියන්..

" මට..... මේ..... ද...ඩුව....ම....ලැ..බෙන්න....ඕ...නේ.... නූ......මං.... ම....ං...ඔයාට..කල... බොරුවට.. .....ම..ගේ... හ්....යොන්ග් ....ට .... ද්‍රෝ...හී වු..නාට... මට... මේ... දු..ක ලැ...බෙන්...න.... ...ඕ...නේ.... "

ජින් අමාරුවෙන් වචන ගලප ගත්තේ අවසිහියෙන් වගේ. වචනත් එක්කම ජින්ගේ ඇස් වලින් බේරුන කදුලු කොට්ටය තෙත් කරද්දී නූයා ඒ දේවල් අහන් හිටියේ එක අතකින් තම පපුව අල්ලන් අනිත් අතින් තමන්ගේ කටවහන්... නූයාට ජින් මෙහෙම දුක්විදිනවා බලන් ඉන්න බැරි වුනා.. තමට තමන්ගේ ආදරේ පරදින වේදනාවටත් වඩා කිම් පවුලට වුන මේ විනාශය නිසා ජින් ගත කරන ජීවිතය නූයාට වේදනාවක් ගෙනාවා.. නූයාට ආයේ ජින්ගේ ජීවිතය හදන්න ඕනේ වුනා... ඒත් ජින් දැන් ඉන්නේ නූයාට ඇහුකන් දෙන්න පුලුවන් තත්වෙක නෙවේ.

You're My Prince 💔 ( COMPLETED )Where stories live. Discover now