22 කොටස 💜💗

Start from the beginning
                                    

කෙල්ල ඔහේ පාරෙ ඇවිදින ගමන් හිටියා.. එක පාරම යූරිගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා..

"අන්‍යොන් යූරි මිස්"

යූරිට ඇහුනෙ හරි හුරුපුරුදු කටහඬක් ඒත් ඒ කව්ද කියලා එක  පාරම යූරිට මතක් වුණේ නෑ..

"කව්ද මේ"

"මාව අදුරන්නැද්ද?"

"ම්ම්ම් නෑනෙ"

"මම තමයි kim namjoon .. "

යූරිට උන්හිටි තැන් අමතක වුණා.

"කොහොමද දෙයියනෙ මට මෙයාගෙ කටහඬ අමතක වුණේ 😫"
යූරි එහෙම තමන්ටම කියාගෙන ඔලුවට ටොක්කක් ඇන ගත්තා..

"කොහෙද ඉන්නෙ යූරි මිස්. අපි ටිකක් කතා කරමුද"
නම්ජූන් හිනා වෙවී යූරිගෙන් ඇහුවා..

"ඒ මොකටද"
යූරි සුපුරුදු විදියට බොරු ආඩම්බරකම පෙන්නන්න ගත්තා..

"ම්ම්ම් මට පාළුයි. හරි ඔයාට කතා කරන්න බැරිනම් එහෙම නොකර ඉමු"
නම්ජූන් කිව්වා.

"නෑ නෑ කතා කරමු. එන්න ටවුන් එකට මාව ගන්න. "
යූරි එහෙම කියලා ෆෝන් එක බෑග් එකට දා ගත්තා...

ටික වෙලාවකින් නම්ජූන් එතනට ආවා.. ආරාට වගේ යූරිට තමන්ගෙ හැඟීම් හංගන්න අමාරුයි. එයා එහෙම හංගනවනම් ඒක ඕනිවටත් වඩා අනිත් අයට පේනවා. ඒ නිසා කෙල්ලගෙ මහන්සිය නම්ජූන් කෙල්ලව දැක්ක ගමන්ම දැක්කා.. මූණ ගොඩක් මළානික වෙලා නිසා නම්ජූන්ට යූරි ගැන අනුකම්පා හිතුනා..

"ආ යූරි මිස්"

"ඇයි මොකද.. ආ ඒක නෙවෙයි මට මිස් කියන්න එපා"
යූරි නම්ජූන්ට ඔරව ඔරව කිව්වා. කෙල්ල කොච්චර කෑ ගැහුවත් ඒ කරන්නෙ තනිකරම බොරුවක් කියලා නම්ජූන් දැනගෙන හිටියා😂

"යූරි ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ.. ඇයි මළානික වෙලා වගෙ. අසනීපයක්ද ඔයාට"

"ම්ම් නෑ ඔප්පා අද කොෆි ශොප් එකෙ වැඩ වැඩී.. මම වැඩ අඩුවෙන් කරලත් මගෙ ඇඟට පණ නෑ වගෙ.. පව් අර ආරා මම වගෙ දෙගුණයක් විතර වැඩ කරලත් ජින් ඔප්පව බලන්න ගියා..."

යූරි එහෙම කිව්වම තමයි නම්ජූන්ට යූරිගෙයි ආරාගෙයි රස්සාව ගැන ප්‍රශ්නෙ මතක් වුණේ.. කොල්ලට කොල්ලා ගැනම තරහයි ඒ දේ අමතක වුණ නිසා..

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now